slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2022
දුෂ්මන්ත – ධනුෂ්ක ආබාධ ලැයිස්තුවට – කසුන් සහ අෂේන් කණ්ඩායමට

sinhala editor

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීර සහ ධනුෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම නිසා ඔවුන් වෙනුවට ක්‍රීඩකයින් දෙදෙනකු කණ්ඩායමට ආදේශ කිරීම සඳහා විස්සයි-20 ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

එක්සත් අරාබි එමීර් පිලට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවුණු තරගයේදී වළලුකර ආශ්‍රිත ආබාධයකට ගොදුරුවීම නිසා දුෂ්මන්තට තරගාවලියේ ඉතිරි තරග අහිමි වන අතර ඒ වෙනුවට කසුන් රජිතව එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

ඔහුට අමතරව මස් පිඬු ආබාධයකට ගොදුරුව සිටින ධනුෂ්ක ගුණතිලකගේ තත්ත්වයද බරපතල තත්ත්වයකට හැරීම නිසා ඔහු වෙනුවට අෂේන් බන්ඩාරව ආදේශ කිරීමට තීරණය කර තිබේ. මූලික සංචිතයට ඇතුළත් නොවුණත් අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ අෂේන් බණ්ඩාර සංචාරක කණ්ඩායම සමඟ රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් දුෂ්මන්ත වෙනුවට නම් කරන ලද කසුන් රාජිත හැකි ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතුවීමට නියමීත වේ. මොවුන් දෙදෙනාට අමතරව එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ සවාර් ෆාරිඩ් වෙනුවට ෆහාඩ් නවාස් ද එංලන්ත කණ්ඩායමේ රීස්  ටොප්ලෙ වෙනුවට ටයිමාල් මිල්ස් කණ්ඩායමට ඇතුළත් කිරීමටද විස්සයි-20 තාක්ෂණික කමිටුව අද අනුමැතිය ලබා දී තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar