slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2022
දෙවැනි පුහුණු තරගය වැස්සට සේදෙයි

sinhala editor

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිත දෙවැනි පුහුණු තරගය හෙවත් අයර්ලන්තයට එරෙහි තරගයට අයහපත් කාලගුණය හරස්ව තිබේ. එබැවින් එම තරගය එකම පන්දුවක් හෝ නොයවා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව පුහුණු තරගයකට සහභාගිවූ අතර එම තරගයෙන් ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයට අමතරව අයර්ලන්තයට එරෙහි තරගයද මෙල්බර්න් හි ජන්ක්ෂන් ඔ්වල් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩඉම් තරගාවලියකට සහභාගිවීමට නියමිත අතර එහි පළමු තරගය නැමීබියාවට එරෙහිව ජීලොං හිදී මෙම මස 16 වැනිදා පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩය යටතේ කඩඉම් තරගාවලියට සහබාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි තරගය ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලටද සහ තෙවැනි තරගය ලබන 20 වැනිදා නෙදර්ලන්ත පිලට එරෙහිවද පැවැත්වේ. මෙම තරග 3 ම ජීලොංහිදී පැවැත්වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar