slc
Home   |    News
ඔක්තෝබර් 16, 2022
නැමීබියාවෙන් පෙරැළියක්

sinhala editor

පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට නැමීබියානු ක්‍රීඩකයෝ සමත් වීම නිසා ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදීම ලකුණු 55 ක පරාජයකට ශ්‍රී ලංකා පිල ඇද දමමින් තරගාවලියේ පළමු පෙරැළිය සිදු කිරීමට අද (16 දා) සමත්වූහ. මෙය නැමීබියානු ක්‍රිකට් ඉතිහාසයේ ආසියානු ශූරයින් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය.

ජීලොන්ග්හි පැවැති මෙම සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරගයේදී ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී ලකුණු 108 කට සීමා නැමීබියානු පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු හඹා යෑම ආරම්භයේදීම කුසල් මෙන්ඩිස්ව දවා ගැනීමට නායක ඩේවිඩ් වීස් සමත් වද්දී පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලකව පිට පිට පන්දු දෙකකදී දමා ගනිමින් නැමීබියාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට බෙන් ෂිකොන්ගෝ සමත්විය. තම පළමු පන්දුවාරයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ආසන්නයට පැමිණි ෂිකොන්ගෝ ඊළඟ පපන්දුවේදී භානුක රාජපක්ෂව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේ යැයි තෙවැනි විනිසුරුගේ සහාය ලබා ගත්තද, පන්දුවේ පතිතවීම පා ඉන්නට තරමක් මෑතින් තිබීම නිසා එහි වාසිය පිතිකරුවාට හිමිවිය.

ඔස්ට්‍රේලියානු තණතීරුවල පළමුව පන්දුවට පහර දීම වාසිදායක වන බව විස්තරවිචාරකයින් පවසා සිටිද්දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ තේාරා ගැනීම වූයේ හඹා ගොස් ජය ගැනීම විය. එහෙත් එම තීරණය පාරාවළල්ලක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවටමය.

කඩුලු එකින් එක දැවී ගියද පන්දුවාරයකට ලකුණු 8 කට වඩා දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාව හමුවේ පැවැති නිසා කඩුලු ආරක්ෂා කර ගැනීම පසෙක තබා පිතිකරුවන්ට ලකුණු සොයා යෑමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 න් 7 ක්ම හතරේ සීමාව ආසන්නයේදී රැක ගත් උඩ පන්දු ලෙසින් දැවී ගිය කඩුලු විය. තරගය පැවැති ජීලොංග් පිටියේ දෙපසින් වූ හතරේ සීමාව ඉතා ආසන්නව පිහිටා තිබූ නමුත් එහි වාසිය ලබා ගැනීමට පිතිකරුවන් අපො‌හොසත් විය. ශ්‍රී ලංකා පිතිකරුවන් එල්ල කරන ලද බොහෝමයක්ප්‍රදේශ පහරද ඇදී ගියේ හතරේ සීමාව තරමක් ඈතින් පිහිටා තිබෙන ප්‍රදේශ වලිනි.

බිඳ වැටුණු ඉනිම ආරම්භය යළි නගා සිටුවීමට නායක දසුන් ශානක (29) සහ භානුක රාජපක්ෂ එක්ව පන්දු 24 ක් ඇතුළත ලකුණු 34 ක් ලබා ගත් නමුත් භානුක (20) දැවී යෑම නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් විය. එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්වීම දක්වා වූ කඩුලු 6 දී ලකුණු පුවරුවට එක්වූයේ ලකුණු 34 ක් පමනි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පීඩනයක් යොමු කිරීමට සමත් විය. ඔවුන් 16 වැනි පන්දුවාරය වන විටත් ලකුණු 106 තබා ගත්තේ කඩුලු 6 ක්ද දවා ගිනිමිනි. අනවශය ලෙස කඩුලු වීසිකර නොදැමූ නැමීබියානුවෝ  පිතිකරුවෝ අවසන් පන්දු 30 න් ලකුණු 68 ක් උදුරා ගත්හ.

අවසන් පන්දුවාර 5 දී වැඩි ගෞරව අත්කර ගත්තේ පන්දු 28 කින් ලකුණු 44 ක් ලබා ගත් යාන් ෆ්‍රයිලින්ක්ය. අවසන් පන්දුවේදී දුවද්දී දැවී යන විටත් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට තරම් දක්ෂතාවක් පෙන්නුම් කිරීමට හේ සමත්ව සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ජේ. ජේ. ස්මිත් ලකුණු 31 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ ජීලොංග් පිටියේදීම පැවැත්වේ.

නැමීබියාව පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 163 යි – (නිකොල් ලොෆ්ටීට්න් 20, ස්ටීවන් බාර්ඩ් 26, ගර්හාඩ් එරැස්මස් 20, යාන් ෆ්‍රයිලින්ක් 44, ජේ. ජේ. ස්මිත් (නොදැවී) 31, ප්‍රමෝද් මදුශාන් 37/2, මහීෂ් තීක්ෂණ 23/1, දුෂ්මන්ත චමීර 39/1, චාමික කරුණාරත්න 36/1, වනිඳු හසරංග 27/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (දසුන් ශානක 29, භානුක රාජපක්ෂ 20, ධනංජය ද සිල්වා 12, ඩේවිඩ් වීස් 16/2, බර්නාඩ් ෂූල්ට්ස් 18/2, බෙන් ෂිකොන්ගෝ 22/2,ථ යාන් ෆ්‍රයිලින්ක් 26/2, ජේ.ජේ. ස්මිත් 16/1)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest