slc
Home   |    News
ඔක්තෝබර් 9, 2022
නිපුන්, අලංකාර, සමීන් සහ රමේෂ් ශතක ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන තුන්දින ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අටවන සතියේ ප්‍රථම දිනයේදී (7) එස්.එස් .එස්. කණ්ඩායමේ නිපුන් ධනංජය පන්දු 245 කට මුහුණදී හතරේ 18ක් සමග නොදැවී ලකුණු 173ක් රැස් කරමින් මෙදින වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්විය. එස්.එස්.සී – කෝල්ට්ස් තරගයේ ප්‍රථම දින තරගය නිම වන විට එස්.එස්.සී කඩුලු 3කට  ලකුණු 292ක් ලබා ප්‍රබල තත්වයක පසුවිය.

මීට අමතරව ගෝල් කණ්ඩායමේ සමීර කදන ආරච්චි  පන්දු 140 කදී හතරේ 16ක් හයේ පහරක් සමග ලකුණු 123  නුගේගොඩ කණ්ඩායමේ රුමේෂ් බුද්ධික පන්දු 179 කදී හතරේ දහයක් හයේ දෙකක් සමග ලකුණු 109ක්ද බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක සිල්වා  පන්දු 219 කදී  හතරේ  16ක්ද හයේ පහරන් සමග ලකුණු 127ක්ද රැස් කළහ.

මේ අතර දිනය ඇතුළතදී තවත් ශතක 4 ක් සහ කඩුලු 5 කට වැඩි දවා ගැනීමට 3 ක් වාර්තා කිරීමට ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අතර බදුරලිය ක්‍රීඩා සමාජයේ නායක අලංකාර අසංක ලකුණු 127 ක්ද, ගාලු ක්‍රීඩා සමාජයේ සමීන් කඳනආරච්චි ලකුණු 123 ක් සහ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ රමේෂ් බුද්ධික ලකුණු 109 ක් වශයෙන් ශතක වාර්තා කරද්දී, කැන්ඩි කස්ටම්ස් පිලේ සචිත්‍ර පෙරේරා ලකුණ 18 කට කඩුලු 6 ක් සහ සී.සී.සී. ක්‍රීඩා සමාජයේ සොනාල් දිනූෂ ලකුණු 22 කට කඩුලු 5 ක් සහ කුරුනෑගල පිලේ සකිදු විජේරත්න ලකුණු 46 කට කඩුලු 6 ක් වශයෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

යුදහමුදා ටැමිල් යුනියන්  තරගය උණුසුම් මුහුණුවරක් ගත්  අතර යුදහමුදා මුල් ඉනිමමේ සියල්ල දැවී රැස් කළ ලකුණු  212 ට පිළිතුරු ලෙස ටැමිල් යුනියන්  දිනය නිමවන විට කඩුලු 6ක් දැවී ලබා සිවියේ ලකුණු 92කි.

  • සෙබස්ටියනයිට්ස්සී.සී.සී.

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 151 (පන්දුවාර 53.2) – (ලොහාන් ද සොයිසා 57 මනෙල්ක ද සිල්වා 28 රයන් ප්‍රනානදු 21 සොනල් දිනුෂ 22/5 කවිදු මෙන්ඩිස් 27/3)

සී.සී.සී. මුල් ඉනිම කඩුලු 2128 ( පනදුවාර 25 යි) – (මිනෝද් භානුක නොදැවී 60 කවිදු මෙන්ඩිස් නොදැවී 47 තරිදු රත්නායක 57/1)

  • ගෝල් කුරුණෑගලයුත්

ගෝල් මුල් ඉනිම 239යි (පන්දුවාර 74.2 යි) – (සමීර කදනආරච්චි 123 ෂලිත් ප්‍රනානදු 34 කවිදු එදිරවීර 37 රගු ෂර්මා 27 සකිදු විජේරත්න 46/6 දිනුෂ්ක මලන් 42/2)

කුරුණෑගලයුත් මුල් ඉනිම කිසිවෙකු නොදැවී 30 (පන්දුවාර 8.2)  ගයාන් මනීෂාන් නොදැවී 19

  • බී.ආර්.සීමුවර්ස්

බී.ආර්.සී මුල් ඉනිම 231 ( පන්දුවාර 67.1යි) – ( ලියෝ ෆ්‍රැන්සිස්කො 53 දනල් හේමානන්ද 47 දිලාන් ජයලත් 38 දුෂාන් හේමන්ත 32 තිලකරත්න සම්පත් 20 මිලාන් රත්නායක 55/3 රමේෂ් මෙන්ඩිස් 64/3 චානුක දිල්ෂාන් 29/2

මුවර්ස් මුල් ඉනිම කිසිවෙකු නොදැවී 46 ( පන්දුවාර 16යි)

  • පානදුරනාවික හමුදාව

පානදුර මුල් ඉනිම කඩුලු  7  376 ( පන්දුවාර 90 යි) – (ෂානුක දුලාජ් 86 පවන් ද සිල්වා 50 අභිෂේන් ගුප්තා 61 රොෂාන් විජේනායක 46 රමින්ද විජේසුරිය 43  නිමේෂ් විමුක්ති නොදැවී 58 දිලාංක අවුවාඩ් 86/2 නවින් කවිකාර  62/2)

  • නුගේගොඩඑන්.සී.සී.

නුගේගොඩ මුල් ඉනිම කඩුලු  5 252 (පන්දුවාර 79 යි) – (රුමේෂ් බුද්ධික 109 දිල්හාර පොල්ගම්පල 32 රනිත ලියනආරච්චි 46 මතීෂ පතිරන24/4)

  • රාගම ලන්කන්

රාගම මුල් ඉනිම කඩුලු  5 290 ( පන්දුවාර 81යි) – (දිනෙත් තිමෝද්‍ය 93 නිශාන් මධුෂ්ක 64 ජනිත් ලියනගේ 48 යොහාන් ලියනගේ 38 අවිශ්ක තරිදු නොදැවී 24 රජීව වීරසිංහ 63/2)

  • සරසන්ස් නිගම්බු

සරසන්ස් මුල් ඉනිම 235 ( පන්දුවාර 82.2යි) – (සිතාර ගිම්හාන් 61 දුෂාන් විමුක්ති 60 නිපුන් කරුණානායක 74 උපුල් ඉන්ද්‍රසිරි 63/4 චානුර ප්‍රනාන්දු 44/3 දිල්ෂාන් මුනවීර 43/2 )

නිගම්බු මුල් ඉනිම කඩුලු  123 ( පන්දුවාර 6 යි) – ( කෙවින් අල්මේදා නොදැවී 13)

  • එස්.එස්.සී කෝල්ට්ස්

එස්.එස්.සී මුල් ඉනිම කඩුලු  3 292 (පන්දුවාර 83 යි) – (නිපුන් ධනංජය නොදැවී 173 යි රොෂාන් සිල්වා නොදැවී 65 දුනිත් වෙල්ලාලගේ 105/3)

  • බදුරලිය චිලව්මේරියන්ස්

දුරලිය මුල් ඉනිම කඩුලු 4284 ( පන්දුවාර 78.1 යි) (අලංකාර අසංකසිල්වා 127 අනුක ප්‍රනානු නොදැවී 92 තීක්ෂල ද සිල්වා 39/1)

  • යුද හමුදාව ටැමිල් යුනියන්

යුද හමුදාව මුල් ඉනිම 212 ( පන්දුවාර 47.4යි) – (මහේෂ්  කුමාර 50 ලක්ෂාන් එදිරිසිංහ 38 යශෝධ මෙන්ඩිස් 31 සීක්කුගේ ප්‍රසන්න 29 තුලිත දිල්ෂාන් 24 ශිරාන් ප්‍රනාන්දු 75/4 කවිදු පතිරත්න 50/3 රවින්ද සිල්වා 23/2)

ටැමිල් යුනියන් මුල් ඉනිම කඩුලු 6 92 ( පන්දුවාර 22 යි) – නවෝද් පරනවිතාන 50 කමේෂ් නිර්මාල් 15 යශෝධ මෙන්ඩිස්  19/2 අසංක මනෝජ් 50/2  සීක්කුගේ ප්‍රසන්න 22/2)

  • ගුවන් හමුදාවබ්ලුම්ෆීඩ්

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 7 235 ( පන්දුවාර 87 යි) – (සචින් ජයවර්ධන 59 කසුන් ඒකනායක 48 ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 39 මිෂෙන් සිල්වා 20 හස්නේන් බොකාරි 49/3)

  • කලුතර නගරකැන්ඩි කස්ටම්

කලුතර නගර මුල් ඉනිම 142 ( පන්දුවාර 50.2 යි) – (නිපුන් ගමගේ 46 සදීෂ් ජයවර්ධන 29 සචිත්‍ර පෙරේරා 18/6)

කැන්ඩි කස්ටම් මුල් ඉනිම කඩුලු 2 115 ( පන්දුවාර 34 යි) – (උමේෂ් උදයංග නොදැවී 53 හර්ෂ රාජපක්ෂ නොදැවී44 තරිදු සිරිවර්ධන 15/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest