slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2022
නිමේෂ් විමුක්තිගෙන් විරළ දක්ෂතාව හේතුවෙන් පානදුරට ඉනිමක ජයක්

sinhala editor

වසර ගණනාවක ඈත අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලාංකේය පළමු පෙළ ක්‍රිකට් තරග වලදී ශතකයක් සහ ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවා ලීමට සමත් දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට පානදුර ක්‍රීඩා සමාජයේ තුන් ඉරියව් ක්‍රීඩක නිමේෂ් විමුක්ති සමත්වූවේය.

නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගයේදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 6 ක් සමඟින් පන්දු 102 කදී ලකුණු 107 ක් වාර්තා කිරීමට සමත්වන නිමේෂ් පන්දු යැවීමේදී පළමු ඉනිමේදී ලකුණු 73 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 53 කට කඩුලු 5 ක් වශයෙන් දවා ගනිමින් මෙම සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතළොස්සට අතරට එක්වීමට සමත්වූවේය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 90 ක ජයක් වාර්තා කර ගැනීමටද පානදුර ක්‍රීඩා සමාජයට අවස්ථාව උදාවිය.

විමුක්තිට පෙර එම සුවිශේෂී දක්ෂතාවය දැක්වීමට සමත් අනෙක් ක්‍රීඩකයා වී ඇත්තේ ‌එස්.එස්.සී. පිල නියෝජනය කරන ලද කෞෂාල් ලොකුආරච්චි වේ. කොළඹ කෝල්ට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 101 ක් වාර්තා කරගැනීමට සමත් ලොකුආරච්චි පන්දු යවමින් පළමු ඉනිමේදී ලකුණු 66 කට කඩුලු 7 ක් ‌ද දෙවැනි ඉනිමේදී ලකුණු 29 කට කඩුලු 5 ක්ද දවා ගැනීමට සමත්ව තිබේ.

 මේ අතර 8 වැනි සතියේ පැවැති සෙසු තරග වලදී සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 254 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.සී.සී. පිල සමත්විය. ඊට අමතරව ගුවන් හමුදාවට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 4 ක ජයකුත්, කලුතර නාගරික පිලට එරෙහිව කැන්ඩි කස්ටම්ස් පිල කඩුලු 9 කින්ද සහ බී.ආර්. සී. පිලට එරෙහිව මුවර්ස් පිල කඩුලු 7 ක ජයක් වශයෙන් පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කළහ.

ඊට අමතරව තෙවැනි දිනය ඇතුළත තවත් ශතක 7 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත්වූහ. කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයේ සනෝජ් දර්ශික (142), යුද හමුදා කණ්ඩායමේ මහේෂ් කුමාර (109), ගාල්ල කණ්ඩායමේ විනුර දුල්සර (102), එන්.සී.සී, පිලේ සඳුන් වීරක්කොඩි (165), ලන්කන් කණ්ඩායමේ කසුන් අබේරත්න (101), සැරසන්ස් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන (110) සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ නායක සංගීත් කුරේ (100) වශයෙන් ශතක වාර්තා කලහ.

පන්දු යැවීමේදී මුවර්ස් කණ්ඩායමේ චානුක ඩිල්ෂාන්, පානදුර කණ්ඩායමේ කොෂාන් ධනුෂ්ක, එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ලසිත් ඇඹුල්දෙණිය සහ එස්.එස්.සී. කණ්ඩායමේ නිසල තාරක කඩුලු 5 බැගින් දස්කම් දැක්වූහ.

  • සී.සී.සී. පිලට ඉනිමක සහ ලකුණු 254 ක ජයක්

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 151 (53.3) (ලොහාන් ද සොයිසා 57, මනෙල්ක ද සිල්වා 28, රයන් ප්‍රනාන්දු 21, සොනාල් දිනූෂ 22/5, කමිඳු මෙන්ඩිස් 27/3)

සී.සී.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 481 (113.5) (කමිඳු මෙන්ඩිස් 122, මිනෝද් භානුක 83, අශාන් ප්‍රියංජන් 64, පවන් රත්නායක 34, චමිඳු විජේසිංහ 47, මාලිංග අමරසිංහ 29, ලක්ශාන් සඳකැන් 47, තරිඳු රත්නායක 163/6, අක්තාබ් කාදර් 44/2)

සෙබස්තියනයිට්ස් දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 76 (28.5) (රයන් ප්‍රනාන්දු 33, සොනාල් දිනූෂ 47/4, අසිත ප්‍රනාන්දු 08/3, චමිඳු විජේසිංහ 19/2)

  • පානදුරට ඉනිමක සහ ලකුණු 90 ක ජයක්

පානදුර පළමු ඉනිම සියලු දෙනා දැවී 433 (99.3) (නිමේෂ් විමුක්ති 107, අභිෂේක් ගුප්තා 61, ශානුක දුලාජ් 86, පවන් ද සිල්වා 50, රොෂාන් විජේනායක 46, රමින්ද විජේසූරිය 43, ලක්ෂාන් රොද්‍රිගෝ 21, සචිත්‍ර සේනානායක 95/4, ඩිලංක අවුවඩ් 86/2, නවින් කවිකාර 95/2)

නාවික හමුදාව පළමු ඉනිම සියලු දෙනා දැවී 219 (57.2) (කවිඳු රණසිංහ 59, අදීශ නානායක්කාර 39, සහන් කෝසල 22, නිමේෂ් විමුක්ති 73/5, කොෂාන් දනුශ්ක 70/4)

නාවික හමුදාව දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 124 (28.3) (විනෝද් පෙරේරා 35, සහන් කෝසල 34, කොෂාන් දනුශ්ක 39/5, නිමේෂ් විමුක්ති 53/5)

  • බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 4 ක ජයක්

ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 273 (106.3) (සචින් ජයවර්ධන 59, ආදිත්‍ය සිරිවර්ධන 51, කසුන් ඒකනායක 48, මිෂේන් සිල්වා 20, දුලංජන මෙන්ඩිස් 38, දිලීප ජයලත් 21/3, හස්නේන් බොකාරි 49/3)

බ්ලූම්ෆීල්ඩ්  පළමු ඉනිම සියලු දෙනා දැවී 232 (75.4) (චරිත කුමාරසිංහ 50, ගජිත කොටුවේගොඩ 50, හර්ෂ විතාන 35, නිමන්ද සුබසිංහ 35, ගයාන් සිරිසෝම 90/5, ලසඳ රුක්මල් 51/2)

ගුවන් හමුදාව දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 185 (47.4) රොස්කෝ තට්ටිල් 42, උදයවංශ පරාක්‍රම 24, කසුන් ඒකනායක 24, මිශේන් සිල්වා 24, හස්නේන් බොකාරි 48/5, දිලීප ජයලත් 39/3)

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 227 (32.4) (ගජිත කොටුවේගොඩ 68, යොහාන් ද සිල්වා 56, නිමන්ද මධුශංක 42, ලසඳ රුක්මල් 64/3)

  • කැන්ඩි කස්ටම්ස්ට කඩුලු 9 ක ජයක්

කලුතර පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (50.2) (නිපුන ගමගේ 46, සදීශ් ජයවර්ධන 29, සචිත්‍ර පෙරේරා 18/6, ඉමේෂ් උදයංග 41/2)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (83.4) (ඉමේෂ් උදයංග 79, හර්ෂ රාජපක්ෂ 45, රශ්මික මධුශංක 46, සචිත්‍ර පෙරේරා 25, සුදාර දක්ෂිණ 81/6, තරිඳු සිරිවර්ධන 25/2)

කලුතර දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 181 (56.1) (මාධව නිමේෂ් 91, යොහාන් මෙන්ඩිස් 20, ඉමේෂ් උදයංග 41/4, සචිත්‍ර පෙරේරා 72/3)

කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 62 (13) – (හරිඳු ජයසේකර නොදැවී 33, ඉමේෂ් උදයංග නොදැවී 18)

  • මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7 ක ජයක්

බී.ආර්.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 231 (67.1) (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 53, දනාල් හේමානන්ද 47, ඩිලාන් ජයලත් 38, තිලකරත්න සම්පත් 20, දුශාන් හේමන්ත 32, මිලාන් රත්නායක 55/3, රමේෂ් මෙන්ඩිස් 64/3, චානුක ඩිල්ශාන් 29/2)

මුවර්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 394 (88.5) (රමේෂ් මෙන්ඩිස් 119, සොහාන් ද ලිවේරා 73, පසිඳු සූරියබණ්ඩාර 32, අදීශ තිලංචන 54, මිලාන් රත්නායක 23, ජනිශ්ක පෙරේරා 22, දිනුක ඩිල්ශාන් 22, දුශාන් හේමන්ත 85/5, තිලකරත්න සම්පත් 32/2, දුවිඳු තිලකරත්න 79/2)

බී.ආර්.සී. දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 286 (74.5) (දනාල් හේමානන්ද 66, ලහිරු සමරකෝන් 54, දුශාන් හේමන්ත 44, දුලාජ් අශේන් 21, තිලකරත්න සම්පත් 24, ඩිලාන් ජයලත් 35, චානුක ඩිල්ශාන් 86/5, රමේෂ් මෙන්ඩිස් 124/4)

මුවර්ස් දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 125 (20.5) (මොහොමඩ් ෂමාස් නොදැවී 50, සොහාන් ද ලිවේරා 20, අදීශ තිලංචන 20)

  • එස්.එස්.සී. – කෝල්ට්ස් නොවිසඳෙයි

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 9ක් දැවී 444 (126.2) (නිපුන් ධනංජය 201, රොෂේන් සිල්වා 96, මනෝජ් සරත්චන්ද්‍ර 68, දුනිත් වෙල්ලාලගේ 152/8)

කෝල්ට්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 274 (71.3) (ඇන්ජලෝ මැතිව්ස් 61, ධනංජය ලක්ෂාන් 56, හෂාන් දුමිදු 49, දුනිත් වෙල්ලාලගේ 25, ජෙහාන් ඩැනියෙල් 28, කවිශ්ක අංජුල 23, නිසල තාරක 90/5, කසුන් රාජිත 55/2)

කෝල්ට්ස් දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 186 (47) (සංගීත් කුරේ නොදැවී 100, හෂාන් දුමිඳු 78)

  • ගාල්ල සහ කුරුණෑගල තරගය විසඳුමකින් තොරයි

ගාල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී 239 (74.2) (සමීන් කඳනාරච්චි 123, ශාලිත් ප්‍රනාන්දු 34, කවිඳු එදිරිවීර 37, රඝු ෂර්මා 27, සකිඳු විජේරත්න 46/6, දිනුෂ්ක මාලන් 42/2)

කුරුණෑගල යූත් පළමු ඉනිම කඩුලු 9ක් දැවී 411 (117.1)  – (සනෝජ් දර්ශික 142, ගයාන් මනීශාන් 70, දිනුශ්ක මාලන් 53, අසිත වන්නිනායක 41, සමීර සඳමාල් 22, අසන්ත බස්නායක 31, රඝු ෂර්මා 140/7)

ගාල්ල දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 336 (70) – (විනුර දුල්සර 102, චතුර ලක්ෂාන් නොදැවී 72, සමීර කඳනාරච්චි 61, යශෝධ මෙන්ඩිස් 33, ශාලිත් ප්‍රනාන්දු 37)

  • මේරියන්ස් – බදුරලිය තරගය නොවිසඳෙයි

බදුරලිය පළමු ඉනිම සියලු දෙනා දැවී 432 (100.4) (අලංකාර අසංක 127, අනුක් ප්‍රනාන්දු 110, ගිහාන් රූපසිංහ නොදැවී 61, චලන ද සිල්වා 56, රනේෂ් සිල්වා 30, තික්ෂිල ද සිල්වා 64/3, රජින්ද පුංචිහේවා 63/3, ස්වප්නිල් ගුගල්  55/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම කඩුලු 7ක් දැවී 441 (138) (අනුජ් ජොටින් 121, කසුන් විදුර 81, ස්වප්ලින් ගුගලේ 67, රවීන් යසස් 52, දසුන් සෙනෙවිරත්න නොදැවී 38, ලසිත් ලක්ෂාන් 34, තික්ෂිල ද සිල්වා 24, චලන ද සිල්වා 160/3, බුද්ධික සංජීව 138/2)

  • එන්.සී.සී. සහ නුගේගොඩ අතර තරගය නොවිස‌ඳෙයි

නුගේගොඩ පළමු ඉනිම සියලු දෙනා දැවී 371 (109.5)(රුමේෂ් බුද්ධික 109, රනිත ලියනාරච්චි 70, නවීන් ප්‍රනාන්දු 50, දිල්හාර පොල්ගම්පොල 32, සුවත් මෙන්ඩිස් 25, මතීෂ පතිරණ 4/46, ලසිත් ඇඹුල්දෙණිය 3/117, අශේන් ඩැනියෙල් 2/75.

එන්.සී.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 489 (85) (නිරෝෂන් දික්වැල්ල 88, කවින් බණ්ඩාර 71, සඳුන් වීරක්කොඩි 71, අසේල් සිගේරා 61, අහන් වික්‍රමසිංහ 55, චමින්ද බණ්ඩාර 125/2, නවීන් ප්‍රනාන්දු 55/2, සදිශ රාජපක්ෂ 52/2, රුමේෂ් බුද්ධික 20/2)

නුගේගොඩ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 204 (54.3) (සුවත් මෙන්ඩිස් 47, රනිත ලියනාරච්චි 46, සදිශ රාජපක්ෂ 42, මුර්ටාස් ට්‍රන්ක්වාලා 21, දිල්හාර පොල්ගම්පොළ 21, ලසිත් ඇඹුල්දෙණිය 98/5, සහන් ආරච්චිගේ 31/2)

  • රාගම සහ ලංකන් තරගය නොවිසඳෙයි

රාගම පළමු ඉනිම කඩුලු 9ක් දැවී 499 (129.3) – (දිනෙත් තිමෝද්‍ය 93, අවිශ්ක තරිඳු 90, නිශාන් මධුශ්ක 64, ජනිත් ලියනගේ 48, යොහාන් ලියනගේ 38, ලහිරු දවටගේ 70, නිපුන් මාලිංග 29, ඉෂාන් ජයරත්න 34, කසුන් මධුශංක 92/2, රජීව වීරසිංහ 102/2, ගීත් කුමාර 63/2)

ලංකන් පළමු ඉනිම සියලු දෙනා දැවී 265 (90.4)  – (ගීත් කුමාර 62, දමිත සිල්වා 55, කසුන් අබේරත්න 54, රිසිත් උපමාල් 21, ශෂික දුල්ශාන් 92/4, සංජුල බණ්ඩාර 71/3, ජනිත් ලියනගේ 27/2)

ලංකන් දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 165 (41) – (කසුන් අබේරත්න නොදැවී 101, දේශාන් ඩයස් නොදැවී 55)

  • සැරසන්ස් සහ මීගමුව ප්‍රතිඵල රහිත වෙයි

සැරසන්ස් පළමු ඉනිම සියලු දෙනා දැවී 235 (82.2) – (නිපුන් කරුණානායක 74, සිතාර ගිම්හාන් 61, දුශාන් විමුක්ති 60, උපුල් ඉන්ද්‍රසිරි 63/4, චනුර ප්‍රනාන්දු 44/3, ඩිල්ශාන් මුණවීර 43/2)

මීගමුව පළමු ඉනිම සියලු දෙනා දැවී 241 (80.4) – (ඇන්ජලෝ ජයසිංහ 79, කෙවින් අල්මේදා 75, ජොතින් සක්සේනා 24, මොහොමඩ් ඩිල්ශාඩ් 55/3, කවික ඩිල්ශාන් 60/3, දුශාන් විමුක්ති 72/2)

සැරසන්ස් දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 246 (69) – (මිලින්ද සිරිවර්ධන 110, හෂේන් රාමනායක 32, නිපුන් කරුණානායක 30, දුශාන් විමුක්ති 22, සිතාර ගිම්හාන් 22, උපුල් ඉන්ද්‍රසිරි 76/4, පසිඳු මධුශාන් 53/2)

මීගමුව දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 68 (30) – (කෙවින් අල්මේදා නොදැවී 25, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 28)

  • ටැමිල් යුනියන් සහ යුද හමුදාව අතර තරගය නොවිසඳෙයි

යුද හමුදාව පළමු ඉනිම සියලු දෙනා දැවි 212 (47.4)(මහේෂ් කුමාර 50, යශෝද මෙන්ඩිස් 31, සීක්කුගේ ප්‍රසන්න 29, තුලින ඩිල්ශාන් 24, ලක්ෂාන් එදිරිසිංහ 38, ශිරාන් ප්‍රනාන්දු 75/4, කවිඳු පතිරත්න 50/3, රවීන් ද සිල්වා 23/2)

ටැමිල් යුනියන් පළමු ඉනිම සියලු දෙනා දැවී 200 (55.4) – (නවෝද් පරණවිතාන 50, රවිඳු ප්‍රනාන්දු 48, රවින් ද සිල්වා 21, දිලුම් සුදීර නොදැවී 24, කවිඳු පතිරත්න 23, අසංක මනෝජ් 81/4, යශෝද මෙන්ඩිස් 28/2, සීක්කුගේ ප්‍රසන්න 57/2)

යුද හමුදාව දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 338 (107.4) (මහේෂ් කුමාර නොදැවී 109, පැතුම් බොතේජු 61, අශාන් රන්දික 51, ශෙහාන් ප්‍රනාන්දු 29, ශිරාන් ප්‍රනාන්දු 87/4, රවීන් ද සිල්වා 82/3)

ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 208 (37) – (රවිඳු ප්‍රනාන්දු නොදැවී 59, රොන් චන්ද්‍රගුප්ත 42, සදීර සමරවික්‍රම 34, රවීන් ද සිල්වා නොදැවී 20, කෞමාල් නානායක්කාර 94/2, ලක්ශාන් එදිරිසිංහ 75/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar