slc
Home   |    News
ඔක්තෝබර් 17, 2022
පන්දු යැවීම හොඳ මට්ටමක තිබුණේ නෑ – දසුන්

sinhala editor

තරගාවලිය ආරම්භ කරමින් නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම හොද තත්ත්වයක නොතිබීම එම තරගයේ පරාජයට හේතුවූ බව ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. පන්දු යවන්නන් මෙන්ම ඉදිරි‌ පෙළ පිතිකරුවන්ගෙන්ද කණ්ඩායමට ලැබිය යුතු සේවය නොලැබුණු බවද විස්සයි-20 නායකයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

මෙම තත්ත්වය මත නැමීබියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 55 ක අනපේක්ෂිත පරාජයකට පත් වුණු බැවින්, තරගාවලියේඉදිරි තරග 2 ම ජය ගැනීම අතිශය තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

කෙසේ වෙතත් හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා නායකයාගෙන් කරනලද විමසීමේදී ඉදිරි තරග 2 ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන ඒමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියේය.

“ලෝක කුසලානය කියන්නේ අනිවාර්යයෙන්ම අභියෝය වැඩියි. කන්ඩිෂන් වෙනස්. නමුත් මම හිතනවා ඒ තත්ත්වයන්ට හරියන ක්‍රීඩකයෝ අපිට ඉන්නවා. එකම දේ ඒ දවසේ හොඳට දක්ෂතා දැක්වීම. නැමීබියාවට එරෙහිව අපි හොදට ක්‍රීඩා කළේ. නෑ. අනිවාර්යයෙන්ම ඉතිරි තරග 2 ජයග්‍රහණය කරලා රට ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ” යැයි දසුන් පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා, තරගයේ සමස්ථයක් ගත් විට තම පන්දු යවන්නන්ට වඩා ප්‍රතිවාදී පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවීම අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට හේතුවූ බව ද සඳහන් කර සිටියේය.

“ප්‍රතිශතයක් විදියට අරන් බැල්වොත් 80% ක ප්‍රමාණයක් හරි තැන් වල එයාලා බෝල් කරලා තියෙනවා. අපේ බැලුවොත් මම හිතන්නේ 40% ක් වත් හොද තැන් වල බෝල් කරලා ඇති කියලා” යැයි දසුන් සඳහන් කර සිටියි.

“ප්‍රධානම අඩුපාඩුව වුණේ අපේ පන්දු යවන්නන්ට නිසි එල්ලයක් සහ හරි තැන පන්දුව පතිත කරවීමට නොහැකිවුණු එක. එයාලා බැලුවොත් වේගයෙන් පන්දු යවන්නේ නෑ. වැඩිම උණොත් වේගය  115, 116 (පැයට කිලෝ මීටර) යි. උපරිම දැම්මත් 125 යි. ඒ වේගෙන් වුණත් ඔවුන් තැනට පන්දු යවලා අපේ පිතිකරුවන්ට අභියෝගයක් ලබා දුන්නා නම් අපේ පන්දු යවන්නන්ටත් ඒක පුලුවන් වෙන්න ඕන” යැයි දසුන් කියයි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවට පන්දුවට පහර දුන් නැමීබියානු පිලේ පළමු කඩුලු 6 ම  ලකුණු 93 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් 7 වැනි කඩුල්ලට එකතු වුණු ජෑන් ෆ්‍රන්ක්ලින් (44) සහ ජේ.ජේ. ස්මිත් (නොදැවී 31) එක්ව පන්දු 33 කදී ලකුණු 68 ක් එක් කරමින් නැමීබියානු පිල ලකුණු 163 ක් දක්වා රැගෙන යෑමට සමත්වූහ.

ඔස්ට්‍රේලියානු තණතීරුවලදී පළමු පන්දුවට පහර දීම හඹා යෑමට වඩා වාසියක් ගෙන දෙන බව විචාරකයින්ගේ මතය වුවත්, ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායකයා, හඹා යෑමට ගත් තීරණය නිවැරදි බව විශ්වාස කරන බවයි.

“ඒක අපි හරියි කියලා හිතනවා. මොකද කණ්ඩායමක් විදියට හොඳින් ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කළා. අපි පරාද වෙච්ච මැච් අරගෙන බැලුවොතින් ගිය මාස කීපය තුළ අපි හරියට කෙරුවේ නැත්තේ හොද ආරම්භයක් ලබාගත්ත නැති නිසා.  ඒ තරග තමයි අපි ගොඩක් වෙලාවට පරාජය වුනේ. මම හිතන්නේ අපි හැම වෙලේම ජාත්‍යන්තර තලයක සෙල්ලම් කරනකොට පළවැනි විකට් තුන හතරෙන් ඕවර 10 ක් 12 ක් බැට් කරලා පළමු හතර දෙනා ලකුණු අතරට එන්න. එතන ඉඳන් පිතිකරුවෝ ඉන්නවා යට ඇදගෙන යන්න. හැම වෙලේම පළවැනි විකට් 3, 4 න් අඩුම ගානේ ලකුනු 80 ක් ලබාගන්න පුලුවන් නම් මම හිතනවා ඒක හොඳ දෙයක් වෙයි කියලා”

“පිතිකරුවන්ගෙන් කිව්ව වගේ පළවැනි ඕවර 6 ඇතුළත කඩුලු ලබානොදිය යුතුයි. මොකද 160 ක් වගේ හඹා යැද්දී පවර් ප්ලේ එකේ විකට් 3 ක් දුන්නා කියන්නේ ඕනෑම ප්‍රතිවාදියෙකුට එරෙහිව එලවන්න අමාරුයි. මම හිතන්නේ අපි ඒ තරගයෙදි හොදට තරග කළේ නෑ. අපි ජයග්‍රහණය කරපු හැම වෙලාවම ආරම්භක පිතිකරුවන් සහ අංක 3 පිතිකරුවන් හොඳට ලකුණු අරගෙන තියෙනවා. ඒක තමයි අපේ සක්සස් එක වුණේ පසුගිය කාලෙම” යැයි දසුන් සඳහන් කර සිටියේය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest