slc
Home   |    News
ඔක්තෝබර් 26, 2022
පැවැති තරග දෙකෙත් විසඳුම්  නෑ

sinhala editor

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ   තවත්   තරග  දෙකක් ඔක්තෝබර් 24  ජයපැරදුමින් තොරව  නිමාවට පත්විය. නාවික  හමුදාව  සහ ඒස්  කැපිටල් තරගයත් බදුරලිය   සහ  ගුවන්    හමුදාව අතර තරගත් එසේ විසඳුම් රහිතව නිමාවට පත්වූ තරග බවට පත්විය.

නාවික හමුදාව   –  ඒස්  කැපිටල් තරගයේදී    මුලින්    පන්දුවට  පහරදුන්   නාවික  හමුදාවේ    පිතිකරුවන්   තිදෙනෙකුම   අර්ධ ශතක  ලබාගනිමින්   කැපී  පෙනුණි.  අර්ධ  ශතක  රැස්කළ   නාවික හමුදා  පිතිකරුවන්    වුයේ සහන්   කෝසල (71) අදීෂ නානායක්කාර (56) සහ  සවින්  ගුණසේකරය   (නොදැවී 51) දක්ෂ පන්දු යැවීම  නිරතවූ  ඒස්  කැපිටල් කණ්ඩායමේ මොහමඩ්   ඉර්ෆාන්  ලකුණු   83 කට    කඩුලු   හයක්  දවාලීය .

ඒස්  කැපිටල්  කණ්ඩායමේ  නිහාඩ්  කාදම්  (නොදැවී 63)  සහ  ප්‍රමුද් හෙට්ටිවත්ත (51) පිතිකරුවන් දෙදෙනාද  අර්ධ  ශතක   වාර්තා කළහ.

බදුරලිය   සහ   ගුවන්  හමුදාව අතර    තරගයේදී   වාර්තාවූයේ  එකම   අර්ධ  ශතකයක්   පමණකි.   මුලින් පන්දුවට  පහරදුන්   බදුරලිය  කණ්ඩායමේ  අලංකාර  අසංක ද  සිල්වා     ලකුණු   53  ක්   රැස් කිරීමට සමත්විය .  ගුවන්  හමුදාවේ  ගයාන් සිරිසෝම දක්ෂ  පන්දු  යැවීමක   නිරත වෙමින්  ලකුණු    71  කට  කඩුලු  පහක්ම දවාලීමට සමත්විය.

බදුරලිය මුල් ඉනිමේ  රැස්කල  ලකුණු   188  පිළිතුරු    ලෙස    දිනය   නිමවනවිට    ගුවන් හමුදාව කඩුලු පහට  ලකුණු  71ක් ලබා  සිටි අතර   වැඩිම   ලකුණු   ලාභියා  වුයේ උදයවංශ පරාක්‍රමය  (19යි)  පන්දු යැවීමේදී   කැපී පෙනුණු   බදුරලිය   කණ්ඩායමේ චලන   ද  සිල්වා   ලකුණු   36  කට  කඩුලු   තුනක්   දවාලිය.

නාවික හමුදාව – ගුවන් හමුදාව

නාවික   හමුදාව  මුල්    ඉනිම    කඩුලු   9 ට  206  ( පන්දුවාර 60.2යි)  – සහන් කෝසල  71  අදීෂ   නානායක්කාර 56,  සවින්  ගුණසේකර නොදැවී  51  සුපුන්   ලීලාරත්න 18 මොහමඩ් ඉර්ෆාන් 83/6  රොහාන් ජයතිස්ස 26/3

ඒස් කැපිටල්   6 ට   155 යි  ( පන්දුවාර 38)  – නිනාඩ් කාදම්   නොදැවී   63   ප්‍රමුද්   හෙට්ටිවත්ත 51 ලසිත් කෘස්පුල්ලේ 17  නවින් කවිකාර 67/3 යි විනෝද්  පෙරේරා 27/2

බදුරලිය ගුවන්   හමුදාව 

බදුරලිය මුල් ඉනිම  188( පන්දුවාර 48.5යි) අලංකාර අසංක ද  සිල්වා  53 දුනිත් ජයතුංග  46 රනේෂ් සිල්වා 32  හසිත  අමරසිංහ 21චලන  ද සිල්වා 19  ගයාන්   සිරිසෝම  71/5  මුවින් සුබසිංහ 50/4

ගුවන් හමුදාව   කඩුලු  5 71( පන්දුවාර 12.2යි) උදයවංශ පරාක්‍රම 19 මිෂෙන් සිල්වා 17  සුපේසල   ජයතිලක   නොදැවී 14 චලන    ද  සිල්වා   36/3  නිර්මාල් රත්නායක  4/1

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest