slc
logo
Home   |    News
ඔක්තෝබර් 29, 2022
පිලිප්ස් තනි අතින් නවසීලන්තය දිනවයි  

sinhala editor

ලකුණු 13 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබාගත් නවසීලන්ත පිතිකරු ‌ග්ලෙන් පිලිප්ස්, සිඩ්නි ක්‍රීඩාංගණයේ අද (29 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 65ක ජයග්‍රහණයක් කරා නවසීලන්ත පිල කැඳවා ගෙන ගියේය. මෙම ජයග්‍රහණය දෙරට අතර විස්සයි-20 තරග අතරින් වැඩිම පරතරයකින් නවසීලන්ත පිල ජයගත් තරගය ලෙසින්ද සනිටුහන් විය.

කාසියේ වාසියද සමඟ පළමුව පන්දුවට පහර දෙමින් ලබා දුන් ලකුණු 168 ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කුත් පන්දු 2 කදී ලකුණු 102 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු කඩුල 4ම පවර් ප්ලේ ප්දුවාර 6 අවසන් වන විටම දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වද්දී ලකුණු පුවරුව සටහන් වූයේ 8 ක් ලෙසිනි. මේ නිසා ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය දැඩි අසාර්ක භාවයකට මුහුණ දුන්නේය. දැවී ගිය පිතිකරුවන් අතර පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක දැවී ගිය පිතිකරුවෝ වූහ.

ශ්‍රී ලංකා ඉනිමෙන් ගත හැක්කක් තිබුණේ නම් ඒ දසුන් ශානක සහ භානුක රාජපක්ෂ පිළිවෙළින් රැස් කරන ලද ලකුණු 35 සහ ලකුණු 34 පමණි. මෙම ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකාවට ලකුණු 100 කට අඩුවෙන් දැවී යෑ‌මට තිබූ අවධානමෙන් මිදීමට අඩිතාලම වැටිණ. දඟ පන්දු යවන්නන්ට වාසි දායක යැයි අපේක්ෂිත සිඩ්නි තනතීරුවේදී සාර්ථකම පන්දු යැවීම සටහන් කරන ලද්දේ වමත් වේග පන්දු යවන්නා වූ ට්‍රෙන්ට් බෝල්ට්ය. හේ පන්දුවාර 4 කදී ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ හෙළද්දී මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවාරයේදීම ෆින් ඇලන්ව දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්වූවේය. ඒ අනුව යමින් ධනංජය ද සිල්වා ඩෙවෝන් කොන්වේවද කසුන් රජිත විසින් කේන් විලියම්සන්ව දවා ගන්නා විට නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 15 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

ආරම්භයම අසීරුතාවයකට මුහුණ දුන් නවසීලන්ත ඉනිම ගොඩ ගැනීමේ වගකීම ග්ලෙන් පිලිප්ස් සහ ඩැනල් මිචෙල් සතු වුවත් වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ පිලිප්ස් එල්ල කරන ලද පහර ලෝන් ඔ්ෆ් කළාපයේ පන්දු රැකි පැතුම් නිස්සංක වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියේය. අවාසනාවක මහත වූයේ එය පැතුම්ගේ අතින් ගිලිහී යෑමය. යම් හෙයකින් එය රැක ගැනීමට පැතුම් සමත් වූයේ නම් ලකුණු 104 ක් දක්වා දිග් ගැස්සුණු පිල්ප්ස්ගේ ඉනිම ලකුණු 13 දී නිමාවට පත් වනු ඇත.

උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් දකුණත් පිතිකරුවා මුහුණ දුන් 61 වැනි පන්දුවේදී සිය දෙවැනි විස්සයි-20 ශතකය සම්පූර්ණ කරගත්තේය. ක්‍රිකට් පොතේ නොමැති පහරද එල්ල කරමින් ලකුණු රැස් කළ දකුණත් පිතිකරුවා දැවී යන විට සිය ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 4 කින් සරසාගෙන සිටියේය.

පළමුව වූ අතපසුවීම යලි නොවීමට වග බලා ගත් පිලිප්ස් පහර එල්ල කළත් ඒ සියල්ල දැඩි විමසිලි සහගතව එල්ල කිරීමට උනන්දු වූවේය. නවසීලන්ත පිල ලබා ගත් ලකුණු 167 න් 104 ක්ම පිලිප්ස් දවා ගත්තේ අවසන් පන්දු වාර 6 දී තනිවම ලකුණු 62 ක් තම පිත්තෙන් සනිටුහන් කර ගනිමිනි. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද පිලිප්ස් පිදුම් ලැබුවේය.

නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුනු 167 යි – (ග්ලෙන් පිලිප්ස් 104, ඩැරල් මිචෙල් 22, මිචෙල් සැන්ට්නර් (නොදැවී) 11, කසුන් රාජිත 23/2)

ශ්‍රී ලංකාව ප්දුවාර 19.2 කදී ලකුණු 102 යි – (දසුන් ශානක 35, භානුක රාජපක්ෂ 34, ට්‍රෙන්ට් බෝල්ට් 14/4, ඉෂ් සෝදි 21/2, මිචෙල් සැන්ට්නර් 21/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee