slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2022
බිනුරගේ තැනට අසිත එයි

sinhala editor

ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කිරීමට ලෝක කුසලාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී බිනුර ආබාධයට ලක් වූ අතර එම ආබාධය නිසා ඔහුට එම තරගයේදී යැවීමට හැකි වූයේ පන්දු 5ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයට ලක් වීම නිසාවෙන් අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ නිරෝෂන් දික්වැල්ල අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගනු ලැබීය.

ඒ අනුව එම ක්‍රීඩකයින්ගෙන් අසිත ප්‍රනාන්දු මූලික සංචිතයට එකතු කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳකර සිටියි.

දේශීය තරගය පිටියේ කැපී පෙනෙන පන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දු ඉකුක්දා ශ්‍රී ලංකාවේ පැවැති සුපිරි පළාත් විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වූවේය. ජාත්‍යන්තර තරග තුනක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර අසිත නිමා වූ ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත්ව සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ආබාධ හයක් වාර්තා වූ අතර එයින් දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුශංක, ධනුෂ්ක ගුණතිලක සහ බිනුර ප්‍රනාන්දු හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණු ක්‍රීඩකයෝ බවට පත්වූහ.

සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම එහි පෙරමුණේ පසුවන නවසීලන්තය සමඟ සෙනසුරාදා (29) තරග වැදීමට නියමිතය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest