slc
Home   |    News
ඔක්තෝබර් 26, 2022
බිනුර ප්‍රනාන්දු අබාධයකට

sinhala editor

ඔස්ට්‍රේලියාව සමග නිමාවූ සුපිරි 12 වටයේ තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක්විමෙන් ඉවතට ගියේය. ඔහුගේ කළවා ප්‍රදේශයේ ආබාධායක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව බිනුර පන්දු යැවීම ආරම්භ කළ අතර, පන්දු පහක් යැවීමෙන් අනතුරුව ඔහුගේ දකුණු පාදයේ අපහසුතාවක් ඇතිවිය. ඔහු ඕවරය නිමා නොකොට ක්‍රීඩාගාරයට පැමිණි අතර ඒ සම්බන්ධව විමසීමේදී ශ්‍රී ලංකා පුහුණුකරු ඉහත අදහස් පළ කර සිටියේය.

“අවාසනාවන්ත ලෙස අපේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වෙනවා. විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්. අපේ භෞත චිකිත්සක හා කණ්ඩායමේ වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සියෙන් මේ සම්බන්ධව වැඩ කරනවා. මේ තත්ත්වය තවදුරටත් සොයා බලා තීරණ කිහිපයක් ඉදිරියේදී ගන්න සිදු වෙනවා“.

මෙයට පෙර ශ්‍රී ලංකා ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වූ අතර එය ශ්‍රී ලංකාවට දැඩි පහරක් විය. අනතරුව ධනුෂ්ක ගුණතිලක හා දිල්ෂාන් මධුසංඛ ආබාධවලට ගොදුරු වූ අතර ඒ අතරට බිනුර ප්‍රනාන්දු ද එක්ව තිබේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest