මෙම ඔක්තෝම්බර් මස මැදදී ආරම්භවීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 57 කට ආසන්න මුදලක් පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
ශූරයින්ට එම මුදල පිරිනැමෙද්දී අනුශූතරවට පත්වන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක ත්‍යාගයක් පිරිනැමෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් බල න විට රුපියල් කෝටි 29 කට ආසන්න මූදලකි. ඊට අමතරව අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායම් සදහා ඇමරිකානු ඩොලර් ලක්ෂ බැගින් හෙවත් කෝටි 14 කට ආසන්න මුදලක් පිරිනැමෙනු ඇත.
ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා ඇමාරිකානු ඩොලර් 40,000 ක මුදලක්ද, එහි ජයග්‍රහණ වාර්තා කරන කණ්ඩායම් වලට ඩොලර් 40,000 බැගින් පිරිනමනු ලබද්දී, සුපිරි කණ්ඩායම් අතර තරග වටයෙන් ඉවතට විසිවන කණ්ඩායම් සඳහා ඩොලර් 70,000 බැගින්ද, සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ජයග්‍රහණය ලබන කණ්ඩායම් සඳහා ඩොලර් 40,000 බැගින්ද පිරිනැමෙනු ඇත. නොවැම්බර් 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇතුළත් සමස්ථ තරග සංඛ්‍යාව 45 ක් වේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් අතර බෙදාදීමට නියමිත මුලු මුදල වන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 56 ක තරම් අති විශාල මුදලකි.