slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2022
ලෝක කුසලාන දිනන පිලට කෝටි 57 ක සල්ලි මල්ලක්

sinhala editor

මෙම ඔක්තෝම්බර් මස මැදදී ආරම්භවීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 57 කට ආසන්න මුදලක් පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ශූරයින්ට එම මුදල පිරිනැමෙද්දී අනුශූතරවට පත්වන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක ත්‍යාගයක් පිරිනැමෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් බල න විට රුපියල් කෝටි 29 කට ආසන්න මූදලකි. ඊට අමතරව අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායම් සදහා ඇමරිකානු ඩොලර් ලක්ෂ  බැගින් හෙවත් කෝටි 14 කට ආසන්න මුදලක් පිරිනැමෙනු ඇත.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා ඇමාරිකානු ඩොලර් 40,000 ක මුදලක්ද, එහි ජයග්‍රහණ වාර්තා කරන කණ්ඩායම් වලට ඩොලර් 40,000 බැගින් පිරිනමනු ලබද්දී, සුපිරි කණ්ඩායම් අතර තරග වටයෙන් ඉවතට විසිවන කණ්ඩායම් සඳහා ඩොලර් 70,000 බැගින්ද, සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ජයග්‍රහණය ලබන කණ්ඩායම් සඳහා ඩොලර් 40,000 බැගින්ද පිරිනැමෙනු ඇත. නොවැම්බර් 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇතුළත් සමස්ථ තරග සංඛ්‍යාව 45 ක් වේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් අතර බෙදාදීමට නියමිත මුලු මුදල වන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 56 ක තරම් අති විශාල මුදලකි.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee