මේජර්ලීග් අන්තර් සමාජ තරගාවලියේ අද (21) ආරම්වීමට නියමිතව තිබු තරග අතුරින් නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ් තරගය සහ නිගම්බු – චිලව් මේරියන්ස් තරග දෙක පමණක් ආරම්භ විණි.
එහෙත් අයහපත් කාලගුණය මත නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ් තරගය පන්දුවාර නවයක් පමණක් යවා තිබියදීත් නිගම්බු – චිලව් මේරියන්ස් තරගය පන්දුවාර 4.1ක් පමණක් යවා තිබියදීත් නතර කැරිණි.
මොරටුව දසොයිසා ක්‍රීඩාංගණයේ සහ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරග දෙකම පැවැතියේ පන්දුවාර 13.1 ක් පමණකි.
නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ්
නුගේගොඩ මුල් ඉනිම ප්‍රථම දින තරගය නතර කරනවිට කඩුලු 1ට 11යි පනදුවාර 9යි. – (දිලිහාර පොල්ගම්පල 06 අභිෂේක් ලියනආරච්චි නොදැවී 04 මධුක ලියනපතිරනගේ 5/1)
නිගම්බු – චිලව් මේරියන්ස්
නිගමබු මුල් ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 07 යි (පන්දුවාර 4.1) – (දිල්ෂාන් මුනවීර නොදැවී 05 අෂේන් සිල්වා නොදැවී 02)