slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2022
වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතිය ළඟා වන විට වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්කද වැඩිම කඩුලු ලාභීන් අතර යුද හමුදා කණ්ඩායමේ කෞමාල් නානායක්කාරද පෙරමුණ ගෙන සිටියහ.

ක්‍රීඩා කරන ලද 6 වැනි තරගය වන විටම ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට මදුශ්ක සමත්වීම මෙවර තරග වාරයේ කැපී පෙනෙන සිදුවීමක් විය. මෙය මෙරට දේශී තරග වල වාර්තාවක් ලෙසින්ද සනිටුහන් වන්නේ ඉනිම 10 කට අඩුවෙන් පිතිකරුවකු ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට සමත්වූ පළමු අවස්ථාව ලෙසින් සටහන් වීම වේ. තමා ක්‍රීඩා කරන ලද 9 වැනි ඉනිමේදී මෙම දක්ෂතාව දැක්වීමට මදුශ්ක සමත්වූයේ කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 70 ක් වාර්තා කරමිනි.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන මදුෂ්ක දකුණතින් පන්දුවට පහර දෙන්නේය. කඩුලු රකින්නා ලෙසද කටයුතු කරනු ලබන හේ මොරටු විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටියි. 2018-19 වසරේදී පළමු වරට කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කර තිබේ. අනතුරුව රාගම ක්‍රීඩා සමාජය වෙත පැමිණෙන මදුශ්ක මේ වන විට ශතක 5 ක් ලබා සිටින්නේ සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව නොදැවී රැස් කරන ලද ත්‍රිත්ව ශතකයක (300*) ද සමඟිනි. දේශීය පළමු පෙළ තරගාවලියේදී එක් තරග වාරයකදී ලකුණු 1000 සීමාව පසුකරන ලද 33 වැනි පිතිකරුවා බවට මදුශ්ක පත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 166.22 ක් රඳවා තබා ගනිමිනි.

මේ අතර පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින කෞමාල් නානායක්කාර තරග 7 කදී කඩුලු 56 ක් දවා ලමින් මෙවර තරග වාරයේ කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේය. පානදුර ශ්‍රී සුමංගල විදුහලින් ක්‍රිකට් ආරම්භ කර ඇති කෞමාල් පසුව මොරටුව වේල්ස් කුමර විදුහලින් පළමු පෙළ තරග ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින්නේය. වමතින් දඟ පන්දු යවන 22 හැවිරිදි කෞමාල් මෙවර තරග වාරයේ මදුශ්ක මෙන්ම තමා ක්‍රීඩා කරන ලද 6 වැනි තරගයේදීම කඩුලු 50 සීමාව ඉක්මවා ලීමට සමත්වූවේය. මෙවර තරගාවලියේ කඩුලු 5 කට හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 8 ක් සටහන් කරගැනීමට සමත්ව සිටින කෞමාල්, තරගයේදී කඩුලු 10 ක් හෝ ඊට වැඩියෙන් අවස්ථා 3 කදී සටහන් කරරගෙන තිබේ.

පිතිකරුවන් අතරින් දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ එස්.එස්.සී. ක්‍රීඩා සමා‌යේ නුවනිඳු ප්‍රනාන්දු වන අතර ඔහු හා මදුශ්ක අතර ලකුණු වල පරතය ලකුණු 297 කි. ශතක සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී මදුශ්ක මෙන්ම ශතක 5 ක් වාර්තා කර ගැනීමට නුවනිඳු සමත්ව සිටියි. මේ අතර පන්දු යැවීමේදී කෞමාල් සමඟ කරට කර සටනක සිටින්නේ එස්.එස්.සී. පිලේ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියය. මෙවර තරග වාරයේ තරග 7 කදී කඩුලු 54 ක් දවා ගැනීමට සමත්ව සිටින වමත් දඟපන්දු යවන්නා කෞමාල්ට වඩා පසුපසින් සිටින්නේ කඩුලු 2 කිනි.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee