slc
logo
Home   |    News
ඔක්තෝබර් 5, 2022
විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී වනිඳු‌ තුන්වැනි තැනට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (ඔක්තෝබර් 05 වැනිදා) සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්ව සිටියි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර නිමාවට පත් වුණු විස්සයි-20 තරගාවලියේදී ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතා සැලකින්ලට ගැනීමේදී සිව්වැනි ස්ථානයේ රැදී සිටි වනිදු හසරංගට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාව තිබේ.

ඔස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන ජොෂ් හෙස්ල්වුඩ් තවදුරටත් සිය පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත් වද්දී ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රශීඩ් ඛාන් එම දෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඉන්දියාවට ‌එරෙහි තරගාවලිය ආරම්භවීමට පෙර මෙම සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාව චයිනමන් පන්දු යවන ටබ්‍රේස් ශම්සිට කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකිවීම නිසා ඔහු එම සටහනේ පස්වැනි ස්ථානය දක්වා පහළ බැස සිටියි. මෙම තත්ත්වය මත වනිඳුට එක් පියවරක් ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar