slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2022
ශ්‍රී ලංකාව කණ්ඩායම් 12 අතර තරග වටයට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කඩඉම් තරග වටය යටතේ සහභාගිවූ අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම 12 අතර තරග වටයට පිවිසීමට අද (20 දා) සමත්විය.

පන්දු 44 කදී කුසල් මෙන්ඩිස් ලබා ගන්නා ලද ලකුණු 79 ක විශිෂ්ඨ පිතිහරඹය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට මුලු වූයේය. මෙන්ඩිස්ගේ සැලසුම් සහගත ඉනිම හේතුවෙන් මනද්ගාමී ජීලොංග් තණතීරුවේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 162 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නෙදර්ලන්ත පිලට හිස එසවීමට අවස්ථාව නොලැබුණද, ආරම්භක පිතිකරු මැක්ස් ඔ’ඩවුඩ් තරගය අවසන් පන්දුවාරය දක්වා රැගෙන ගියේ පරතරය ලකුනු 23 ක් දක්වා අවම කර ගනිමිනි.

දුෂ්මන් චමීර වෙනුවට කණ්ඩායමට එක් වුණු ළහිරු කුමාර විසින් යවන ලද අවසන් පන්දුවාරය ලකුණු 06 කට සීමා කිරීම නිසා නෙදර්ලන්ත ලකුණු පුවරුව පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 146 ක් ලෙසින් සටහන් වූයේ ලකුණු 16 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ඉදිරියේ රඳවමිනි. ගඟට ඉනි කැපූ ඉනිමක් වුනු ඔ’ඩවුගේ ඉනිම හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 53 කදී ලකුණු 71 ක් ලෙසිනි.

 මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියද, කණ්ඩායම් 12 අතර තරග වටයේදී තරග වදිනු ලබන්නේ ‘ඒ’ කාණ්ඩයෙන්ද නැතහොත් ‘බී’ කාණ්ඩයෙන්ද යන්න සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිත නැමිබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ ප්‍රතිඵලය මත රඳා පවතිනු ඇත.

වටිනා කම කියා නිම කළ නොහැකි කුසල් මෙන්ඩිස්ගේ 9 වැනි අන්තර්ජාතික අර්ධ ශතකයට මනරම් පුල් පහර වලින් එල්ල කරන ලද හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය. මෙම ඉනිම ප්‍රධාන කොට ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පැතුම් නිස්සංක සමඟ ඉනිම ඇරඹූ කුසල්ට තණතීරුවෙන් එතරම් සහයෝගයක් නොලැබුණු නමුත් වඩාත් සැලසුම් සහගත වුණු පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 36 ක් එක් කළහ. පිට පිට පන්දු දෙකකදී මීකරන් විසින් පැතුම් (14) සහ ධනංජය ද සිල්වා (00) දවා ගැනීමට සමත්වීමත් සමඟ ආරම්භය තරමක් දෙදරීමට ලක්විය. කඩුලු ත්‍රිත්වය බේරා ගැනීමේ අභියෝගයට පැමිණි චරිත් අසලංක ලකුණක් ලබා ගනිමින් එය වැළැක්වූවා පමණක් නොව ඉනිමේ හොඳම සම්බන්ධතාවයට ද දායක වූයේ පන්දු 45 කදී ලකුණු 60 ක් රැස් කරමිනි.

පෙර සදහන් කළ පරිදි පන්දුව පිත්තට නිසියාකාරව නොපැමිණීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ පළමු භාගයේ ලකුණු රැස් කිරීම අභියෝගාත්මක විය. කෙසේ වෙතත් එය අභියෝගයක් ලෙස භාර ගත් ශ්‍රී ලංකා පිතකිරුවෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු 102 ක් රැස් කරමින් බලාපොරොත්තු ගත ඉලක්කය වෙත කණ්ඩායම රැගෙන ගියහ.

ලකුණු හඹා යෑමේදී අධිවේගී පන්දුවාර 6 දී ප්‍රතිවාදී පිලේ කඩුලු 2 ක් දවා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලකුණු 40 කට කඩුලු 2 ක් ව තිබියදී හත්වැනි පන්දුවාරය යැවීමට පැමිණි වනිඳු හසරංගගේ පළමු පන්දු 2 ට 3 ක් සහ ලකුණු 3 ක් ලබා ගනිමින් ආක්‍රමණකාරී ආරම්භයක් ලබා ගැනීමට ඔඩවුඩ් සමත් වුවද පීඩනයට වඩාත් කැමැති වනිඳු ඒ අතරින් කඩුලු අතරට රිංගා ගත්තේ ගුග්ලි පන්දුවකින් ඇකර්මන්ගේ කඩුල්ල දවා ගිනිමිනි.

විටෙක කඩුලු 4 කට ලකුණු 100 ක් ලෙසින් සටහන් වුණු නෙදර්ලන්ත ලකුනු පුවරුව වනිඳු සහ තීක්ෂණ එක්ව කඩුලු දවා ගැනීමට සමත්වීම නිසා පන්දුවාර 2 කුත් පන්දු 3 කට පසුව සටහන් වූයේ ලකුණු 109 කට කඩුලු 8 ක් වශයෙනි. මනා පාලනයකින් යුතුව පන්දු යැවූ වනිඳු නියමිත පන්දුවාර 4 දී ලකුණු 28 කට කඩුලු 3 ක් ද මහීස් තීක්ෂණ ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්හහ. කඩුලු 3 ක් දවා ගැනීමට වනිඳු සමත්වීමත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට (7) පෙරමුණට පැමිණියේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ට ලකුණු 162 යි – (කුසල් මෙන්ඩිස් 79, පැතුම් නිස්සංක 14, චරිත් අසලංක 31, භානුක රාජපක්ෂ 19, දසුන් හානක 08, වනිඳු හසරංග (නොදැවී) 05, චාමික කරුණාරත්න (නොදැවී) 02, ධනංජය ද සිල්වා 00, වෑන් මීකරන් 25/2, බාස් ඩි ලීඩ් 31/2)

නෙදර්ලන්තය පන්දුවාර 20 කදී ඩුලු 9 ට ලකුණු 146 යි – (මාක් ඔඩව්ඩ් (නොදැවී) 71, වික්‍රම් සිං 7, බාස් ඩි ලීඩ් 14, කොලින් ඇකර්මන් 00, ටොම් කූපර් 16, ස්කොට් එඩ්වර්ඩ්ස් 21, ටිම් ප්‍රිංගල් 02, වැන්ඩර් ගෞටන් 00, ෆ්‍රෙඩ් ක්ලාසන් 03, වැන් මීකර්න් 00, වැන්ඩර් මර්ව් (නොදැවී) 00, වනිඳු හසරංග 28/3, මහීෂ් තීක්ෂණ 32/2)

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar