slc
Home   |    News
ඔක්තෝබර් 26, 2022
ශ්‍රී ලංකා පුහුණුකරු සිල්වර්වුඩ්ගෙන් ශුභවාදී බලාපොරොත්තුවක්

sinhala editor

ශ්‍රී ලංකා පිල පර්ත් හී ඔප්ටස් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7ක පරාජයක් ලැබුවද තම කණ්ඩායමට අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට හැකි වනු ඇතැයි පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශුභවාදී බලාපොරොත්තු පළ කරයි. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී එ් මහතා පැවැසූවේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව ඉතිරිව ඇති බවයි.

ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළ අතර ලෝක කුසලාන තරගාවලියකදී වේගවත්ම විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කරමින් මාකස් ස්ටොයිනිස් ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමෙන් ජයග්‍රහණය ඉක්මන් විය.

“මේක මාකස් ස්ටොයිනිස්ගේ දිනයයි. ඔහුට සියලු ගෞරව හිමි වෙනවා. ඔහු ඉතා හොදින් ක්‍රීඩා කළා. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩිකර ගැනීමට අපට දැඩි ලෙස පහර දිය යුතු වුණා. ස්ටොයිනිස් පැමිණ පන්දුවට පහර දුන් ආකාරය සුවිශේෂියි” සිල්වර්වුඩ් මහතා පැවැසීය.

“මම ඇත්තටම විශ්වාස කරනවා අපේ කණ්ඩායමට ජයග්‍රාහී ලෙස ඉදිරියට යා හැකි බව. දැනටමත් අපේ කණ්ඩායම තුළ හැකියාවන් සහ කුසලතා ඇති බව අපි පෙන්වා  තිබෙනවා. ආසියානු කුසලානයේ දී අපි පෙන්නුම් කළා කණ්ඩායම තුළ විශ්වාසය  පවතින බව. අද සිට වැදගත් වන්නේ නැවත සියලු දෙනා එකතු වී ඊළඟ තරගයට සූදානම් වීමයි” ශ්‍රී ලංකා පුහුණුකරු සදහන් කළේය.

ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ මීළඟ තරගය නවසීලන්තය සමග 29 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1. 30ට සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව සිටී.

“පිතිකරු ලැයිස්තුවේ ඉහළින්ම සිටි ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය ගැන මට චෝදනා කරන්න බෑ. මොකද පන්දුව පිතිකරුවන් අපේක්ෂා නොකළ ආකාරයට යොමු වුණා. කෙටි පන්දු හා බවුන්සර් පන්දු පිතිකරුවන් ට අමාරු වුණා. ඔස්ට්‍රේලියානු පිල ඉතා හොඳින් කළා” පුහුණුකරු පැවැසීය.

පළමු වටයේදී ජීලෝන්ග් හී සිට සුපිරි 12 ආරම්භයේදී හෝබාර්ට් දක්වා දිගු ගමනක්  පැමිණි අතර ඔස්ට්‍රේලියාවට එරෙහි ව තරග කිරීම උදෙස‍ා පර්ත් වෙත පැමිණීමට සිදු විය. දින කිහිපයක් තුල මේ දුෂ්කර ගමනට මුහුණදීම සදහා ක්‍රීඩකයන් හුරුවිය යුතු බව පුහුණුකරුගේ අදහස විය. “ ඒක සමහර වෙලාවට කාර්ය බහුල තත්ත්වයක්. නමුත් ඒ සදහා පුරුදු වෙන්න ඕන. පුහුණුව සමඟ අවශ්‍ය විවේකය උපරිමයෙන් සැලසුම් කරගත යුතු වෙනවා” පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest