slc
Home   |    News
ඔක්තෝබර් 26, 2022
සීසීසී – ද්‍රවිඩ සංගම් පෙරමුණේ

sinhala editor

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ නිමාවීමට ආසන්න වෙමින් තිබියදී ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් වූ අතර,‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රිකට් පිල සමත් වෙයි. ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටින අතර, ‘බී‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්ව ඇත.

‘ඒ‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින කොළඹ ක්‍රිකට් සමාජය තරග 9කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 119. 795ක් ලබා ඇත.  මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 9කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරග දෙකක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 93. 030ක් ලබා ඇත. මුවර්ස් සමග ආසන්නයේ තෙවැනි ස්ථානයේ සිටින සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 90. 940ක් ලබා ඇත්තේ තරග 9කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව කිමා කරමිනි.

‘ඒ‘ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජය තරග 10ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 78. 070ක් ලබා සිටින අතර, 5 වැනි ස්ථානයේ සිටින රාගම ක්‍රිකට් සමාජය   තරග 10ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 76. 870ක්, 6 වැනි ස්ථානයේ සිටින බීආර්සී පිල තරග 10ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 5ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 70. 685ක්, 7 වැනි ස්ථානයේ සිටින සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 56. 645ක්, 8 වැනි ස්ථානයේ සිටින කුරුනෑගල තරුණ ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 56. 500ක් ලබා ඇත.

‘ඒ‘ කාණ්ඩයේ  9 වැනි ස්ථානයේ සිටින ගාලු ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 54. 495ක්, 10 වැනි ස්ථානයේ සිටින කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 4ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 48. 390ක්, 11 වැනි ස්ථානයේ පොලිස් ක්‍රීඩා සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 46. 535ක්, 12 වැනි ස්ථානයේ සිටින කලුතර නගර ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට පරාජ 4ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 38. 575ක් හා  අවසන් ස්ථානයේ සිටින ලන්කන් ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 37. 555ක් ලබා සිටී.

‘බී‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය තරග 9කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරගයක් පරාජය වී ලකුණු 115. 225ක් ලබා ඇත. එහි දෙවැනි ස්ථානයට පත්ව සිටින යුද හමුදා ක්‍රීඩා සමාජය තරග 10කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 92. 435ක් ලබා ඇත. තෙවැනි ස්ථානයේ සිටින හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 90. 920ක් ලබා ඇත්තේ තරග 10කදී ජයග්‍රහණයක් වාර්තා කොට තරග 3ක් විසදුමකින් තොරව කිමා කරමිනි.

‘බී‘ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ සිටින එන්සීසී පිල තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක් හා විසදුමකින් තොරව තරගයක් නිමාකොට ලකුණු 86. 495ක් ලබා සිටින අතර, 5 වැනි ස්ථානයේ සිටින බදුරලිය ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 70. 535ක්, 6 වැනි ස්ථානයේ සිටින පානදුර ක්‍රීඩා සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 69. 350ක්, 7 වැනි ස්ථානයේ සිටින ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 57. 995ක්, 8 වැනි ස්ථානයේ සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 3ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 52. 790ක් ලබා ඇත.

‘බී‘ කාණ්ඩයේ  9 වැනි ස්ථානයේ සිටින බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 51. 160ක්, 10 වැනි ස්ථානයේ සිටින සැරසන්ස් ක්‍රීඩා සමාජය තරග 10ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරගයක් නිමාකොට ලකුණු 47. 680ක්, 11 වැනි ස්ථානයේ මීගමුව ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට පරාජ 3ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 44. 010ක්, 12 වැනි ස්ථානයේ සිටින නුගේගොඩ ක්‍රිකට් සමාජය තරග 9ක් ක්‍රීඩා කොට පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 44. 010ක් හා අවසන් ස්ථානයේ සිටින නාවික හමුදා ක්‍රීඩා සමාජය තරග 9ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 5ක් හා විසදුමකින් තොරව තරගයක් නිමාකොට ලකුණ40. 020ක් ලබා සිටී.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest