slc
Home   |    News
ඔක්තෝබර් 23, 2022
සුපිරි ජයකින් ශ්‍රී ලංකාව සුපිරි වටය අරඹයි

sinhala editor

By Chamila Karawita

සැලසුම් කළ ආකාරයටම පන්දු යවන්නන් පන්දු යැවීමත්  කුසල් මෙන්ඩිස්ගේ පිට පිටම වාර්තා කරනලද දෙවෙනි අර්ධ ශතකයත් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ප්‍රථම තරගයෙන් අයර්ලන්තයට  එරෙහිව අද (23 වෙනිදා ) කඩුලු 9ක පහසු ජයක් වාර්තා කළේය.

කාසියේ වාසියත් සමඟ අයර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළත් ශ්‍රී ලංකා  පන්දු යවන්නන් දක්ෂ පන්දු යැවීම නිසා අයර්ලන්ත ඉනිම ලකුණු 128කට සීමාවිණ. එම ඉලක්කය හඹා යෑමේදී  පන්දුවාර පහළොවක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රහණය පසුකර ගියේය.

සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පහළොවක් තුළදී ලබාගත් එම ජයග්‍රහණය හේතුවෙන් ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය  2.467 දක්වා ඉහලට පැමිණ ඇති බැවින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පැමිණ සිටියි. එස සටහනේ ඉහළින්ම සිටින්නේ නවසීලන්තය වේ. ඔවුන්ගේ  ශුද්ධ ලකුණු වේගය දැක්වෙන්නේ 4.450ක් ලෙසිනි.

එල්ල කරන ලද හයේ පහරත් සමඟ තරගය නිමා කරන විට පිට පිටම දෙවැනි වතාවට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලත් කුසල් මෙන්ඩිස් හයේ පහර තුනක් සහ හත⁣රේ පහර 5 ත් සමග පන්දු 43 කදී ලකුණු 68 ක් ලබා සිටියේය.

ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංක මෙම තරගයට ක්‍රීඩා නොකළ හෙයින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම ධනංජය ද සිල්වාට පැවැරී තිබිණ. ආරම්භක පිතිකරු ගේ කාර්යභාරය මැනවින්  ඉටු කළ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා, කුසල්  සමඟ එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 63ක  සම්බන්ධතාවයක්  පැවැත්වූහ.

එම සම්බන්ධතාව අතරතුරදී පවර් ප්ලේ අවස්ථාව නිමාවන විට ලකුණු 50 ක් රැස් කිරීමට මොවුන් දෙපළ සමත්වීම නිසා අපහසුවකින් තොරව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා යෑමට හැකියාව ලැබිණ. ධනංජයගේ දායකත්වය පන්දු 25 කදී ලකුණු 31 කි.

ධනංජයගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි චරිත් අසලංක සමග එකතු වූ කුසල් මෙන්ඩිස් ඉක්මන් ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියේ  පන්දු හතළිහක් තුළ ගොඩනංවනලද ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාව ද සමගිනි.

චරිත් අසලංක ද නොදැවී ලකුණු 31ක් ලබා ගත් අතර අයර්ලන්තය  වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හැරී ටෙක්ටර් ලකුණු 45ක් ලබාගත් අතර පෝල් ස්ටර්ලින්ග් ලකුණු 34ක් රැස් කළේය.

අයර්ලන්ත පිලේ දැවී ගිය කඩුලු 8 න් 5 ක්ම වනිඳු, මහීෂ් සහ ධනංජය බෙදා ගත්හ. ඒ හැරුණු විට වේග පන්දු යවන්නෝ ලෙස බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න ද ශ්‍රී ලංකා පන්දු යැවීම  වෙනුවෙන් අගනා කාර්යභාරයක් ඉටු කළහ.

සුපිරි 12 වටය  යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන ඊළඟ තරගය හෙට (26 වෙනිදා ) ඔස්ට්‍රේලියාව සමග පස්වරු 4.30ට පැවැත්වේ.

අයර්ලන්තය 128/8 (20)
හැරී ටෙක්ටර් 45, පෝල් ස්ටර්ලින්ග් 34
පන්දු යැවීම
මහීෂ් තීක්ෂණ 19/2, වනිඳු හසරංග 25/2, චාමික කරුණාරත්න 24/1,බිනුර ප්‍රනාන්දු 27/1,ධනංජය ද සිල්වා 13/1,ලහිරු කුමාර 12/1

ශ්‍රී ලංකාව 133/1 (15)
කුසල් මෙන්ඩිස් නොදැවී 68, චරිත් අසලංක නොදැවී 31,ධනංජය ද සිල්වා 31
පන්දු යැවීම
ගරෙත් ඩෙලානි 28/1

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest