slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2022
සුපිරි 12 අතරේ ශ්‍රී ලංකාවේ පළමු සටන හෙට ‌අයර්ලන්තයට එරෙහිව

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හෙට (23 දා) පෙරවරුවේදී අයර්ලන්ත පිල මුණ ගැසේ. එම තරග වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන දෙරට අතර තරගය හෝබාට්හි බෙලිරිව් ඔ්වල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.30 ට ආරම්භ වේ.

නැමීබියාවට එරෙහි පරාජය වුවද නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කන්ඩායම් පරාජයට පත් කරමින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරග වදින්නේ දෙවතාවක් විස්සයි-20 ලෝක ශූරයන් බවට පත් වුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ‌ගෙදර යැවූ කණ්ඩායම බව මතකයේ තබා ගත යුතුය.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය යටතේ අයර්ලන්ත පිලට එරෙහිව හෙට පැවැත්වෙන තරගයට අමතරව ශ්‍රී ලංකාව එම තරග වටය යටතේ තවත් තරග 4 කට ක්‍රීඩා කිරීමට නියමිතය. එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව 25 වැනිදා පර්තිහිදීද, නවසීලන්තයට එරෙහිව 29 වැනිදා සිඩ්නිහිදීද, නොවැම්බර් 01 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව බ්‍රීස්බේන් පිටියෙදීත් සහ 05 වැනිදා එංගලන්තයට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

හෙට තරගය පැවැත්වෙන හොබාර්ට් තණතීරුව පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය වැඩි ලකුණු සංඛ්‍යාවන් අතර ජය – පරාජය දෝලනය වන පිටියෙක් ලෙස හඳුන්වනු ලබයි. ක්‍රීඩාංගණයේ පැවැති පෙර තරග වාර්තාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමක් සාමාන්‍යය ලෙස ලකුනු 176 ක් ලෙස සටහන් වද්දී දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායම සාමාන්‍ය 152 ක් ලෙසින් සටහන් වේ. ඒ අනුව බලන විට කාසියේ වාසිය හිමිකරගෙන පන්දුවට පහර දෙන කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසි අත්වන බව ඉතිහාසය කියාපායි.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඊට වඩා දක්ෂාවයන් අතරට යෑම සදහා වන දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් සිටීම සැනසිල්ලට කරුණක් වේ. එහෙත් එතැනදී මුහුණ පාන ප්‍රධානම ගැටලුව වන්නේ ක්‍රීඩකයින් සිය දක්ෂතා දිගින් දිගටම පවත්වාගෙන යෑමට අපොහොසත් වීම වේ.

ලෝක කුසලාන වැනි දැවැන්ත තරගාවලියක් ක්‍රීඩා කිරීමේදී වඩාත්ම කල්පනාකාරී විය යුතු කරුණ වන්නේ තරගයෙන් තරගයට සැලසුම් සහිතව අවතීර්ණ වීමයි. එකිනෙකට වෙනස් ක්‍රීඩාංගණ, ප්‍රතිවාදීන් මෙන්ම එල්ලවිය හැකි අභියෝගද කණ්ඩායමෙන් කණ්ඩායම වෙනස් වීම නිසා, එක් එක් රටවලට වෙනමම සැලසුම් සකසා ගත යුතුය. එබැවින් තම තමන්ට හිමි වගකීම් වගකීම් මොනවද යන්න හරි හැටි වටහා ගනිමින් උපරිමය ලබා දීමට ක්‍රීඩකයින් සමත් වුවහොත් මෙම තරග වටය සාර්ථකව අවසන් කරමින් අවසන් සිව් දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීම අපහසු කටයුත්තක් නොවේ. මෙහි වඩාත්ම සතුටට කරුණ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ වඩාත් ඉහළ මානසිකතවයක් ගොඩ නැගී ති‌බීමයි.

ආරෙම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු අතරට පිවිස සිටිති. ශ්‍රී ලංකා නායකයාගේ නිරන්ත අපේක්ෂාව වන්නේද ශක්තිමත් ආරම්භයක් යනු කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන යනු ලබන ප්‍රධානම අඩිතාලම වන බවයි. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගනිමින් පිතිකරුවන් අතර වැඩි විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටිද්දී ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ මෙන්ම නායක දසුන් ශානකද අවසන් වරට සහභාගිවුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී යම්තාක් දුරට පිතිකරුවකුට අවශ්‍ය විශ්වාසය ගොඩ නගා ගැනීමට සමත්වීම ශ්‍රී ලංකාව පැත්තෙන් සතුටුදායකය.

පන්දු යැවීමද එලෙසමය. වනිඳු හසරංග මෙවර තරගාවලියේදීත් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගනිද්දී ඔහුව අනුකරණය කරමින් යන මහීෂ් තීක්ෂණ ද කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවට වැඩි මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

ජයග්‍රාහී සංයුතියෙහි වෙනස්කම් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව කැමැත්තක් නොදක්වන බැවින් හෙට හෙට දිනයේදී බොහෝ දුරට නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ 11 දෙනා ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතියි. ශ්‍රී ලංකාවට කණස්සල්ලට කරුණක් වෙතොත් නම් ඒ පැතුම් නිස්සංක හෙට දිනයේදී ක්‍රීඩා කරනවාද නැත්ද යන්න කරුණ පමනි. නෙදර්ලන්තයට එරෙහි තරගයේදී ආබාධයකට ලක්වුණු නිස්සංක සහ ඊට පෙර ආබාධයට ලක්වුණු ප්‍රමෝද් මදුශාන් දෙදෙනා හෙට තරගය සඳහා සුදුසුද යන්න මැන බැලීමේ යෝග්‍යතාව අද දිනයේදී සිදු කිරීමට නියමිත වුවත් බෙලිරිව් ඔ්වල් පිටියට ඊයේ දිනය වැසි දිනයක් වූ බැවින් ශ්‍රී ලංකා පිලේ පුහුණුවීම් ගෘහස්ථ ක්‍රීඩාගාරයට පමණක් සීමාවිණ. යම් ලෙසකින් හෙට තරගය සදහා පැතුම්ව යොදා ගැනීම අවධානම් සහගත වුවහොත් ඔහුගේ ස්ථානය අෂේන් බණ්ඩාරට හිමිවනු ඇත.

විස්සයි-20 තරග පිටියේදී ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත පිල මුණ ගැහෙන්නේ තෙවැනි වතාවට වේ. 2009 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී  එකිනෙකා පළමු වතාවට මුණ ගැසී ඇත්තේ ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එම තරයෙන් ශ්‍රී ලංකාව ලකුණු 09 ක ජයක් වාර්තා කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

අයර්ලන්තය – ඇන්ඩ් බැල්බ්‍රීන් (නායක), පෝල් ස්ටර්ලිං, මාක් අඩයර්, කර්ටිස් කැම්පර්, ගැරත් ඩෙන්ලි, ජෝර්ජ් ඩොක්‍රල්, ස්ටිවන් ජොහෙනි, ෆියන් හෑන්ඩ්, ජොෂ් ලිට්ල්, බැරී මැකර්ති, කොනර් ඔල්පර්ට්, සිමි සිංග, හැරී ටෙක්ටර්, ‌ෝර්කන් ටකර්, ක්‍රේග් යංග්.

ඔක්. 23 දා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී

ඔක්. 25 දා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත්හිදී

ඔක්. 29 දා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සිඩ්නිහිදී

නොවැ. 1 දා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන්හිදී

නොවැ. 5 දා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නිහිදී

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee