slc
Home   |    News
ඔක්තෝබර් 21, 2022
LPL තරගාවලියට නව ලාංඡනයක්

sinhala editor

ලොව ප්‍රධානම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර ඉහළතම ගුණාත්මක භාවයකින් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සඳහා නව ලාංඡනයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

නිර්මාණශීලී හැකියාවන් වලින් යුතු ක්‍රීඩා ලෝලීන් අතර පවත්වන ලද ලාංඡන නිර්මාණ ඉදිරිපත් කිරීමේ තරගයකින් පසුව මෙම බහුවිධ මුහුණුවර නිරූපණය කෙරෙන ලාංඡනය තෝරා ගැනීම විශේෂත්වයකි. ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති මෙම නව ලාංඡනයෙන් ශ්‍රී ලාංකේය ජාතියේ අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය පෙන්නුම් කරන අතර ලාංඡනයේ දැක්වෙන පිතිකරුවා වටා, බලය, ජවය සහ උද්වේගය පෙන්නුම් කරනු ඇත.

ඊට අමතරව භාවිතා කරන ඇති බහුවිධ වර්ණ ‘ක්‍රිකට් සැණකෙළියක’ ආරම්භය ප්‍රකාශ කෙරෙන අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා රසිකයින් විනෝද්සාවදය, උද්යෝගය සහ වින්දනය පෙන්නුම් කරනු ලබයි.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩකයින්ට සිය දක්ෂතාවන් කරා යෑමට හොද මාවතක් නිර්මාණය කර දී තිබෙනවා රසිකයින්ට අර්ථවත් සහ විනෝදාස්වාදය ලබා දෙන තරගාවලියක් ඒ වගේම අපේ සමඟ සිටින පාර්ශ්වකරුවන්ට වටිනාකමක් එක් කරන්නත් මෙය උපකාරී වෙනවා. මෙම ලාංඡනයේ සරළ සහ පැහැදිළි පෙනුම මෙම තරගාවලියට තරගාවලියට වඩාත් ගැලපෙනවා” යැයි තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

නිර්මාණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දියත් කරන ලද තරගයට සහභාගි වුණු මහනුවර ප්‍රදේශයේ වෙසෙන 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී මහතා විසින් මෙම ලාංඡනය නිර්මාණය කරන ලද අතර ඒ වෙනුවෙන් වූ ඩොලර් 1000 ක ත්‍යාග මුදල ඔක්තෝබර් 20 වැනිදා පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති චාම් උත්සවයකදී පිරිනැමිණ.

“නව ලාංඡනය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන්ට සියලුම ආකාරයේ අංගයන් නියෝජනය කරනු ලබන දැක්මක් සහ දීප්තිමක් අනාගතයත් පිළිබඳව ඇඟවීමක් ලබා දෙයි. එල්.පී,එල්. තරගාවලිය ලෝකයේ හොඳම විස්සයි-20 ලීගයන් අතරට සීඝ්‍ර වර්ධනයකින් ඇති තරගාවලියක්” යැයි එහි සංවිධාන කටයුතු කරනු ලබන අයි.පී.ජී. ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධා විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සදහන් කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැන්න ලබන දෙසැම්බර් 06 වැනිදා හම්බනතොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

LPL තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා විසින් ලාංඡන නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයා වූ මියුලික වීරමන්ත්‍රී මහතා වෙත පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට (වමේ සිට) IPG සමූහයේ සභාපති, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරුද සහභාගිවූහ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest