slc
Home   |    News
නොවැම්බර් 2, 2022
අනාවැකි කීම දුෂ්කරයි – නවීඩ් නවාස්

sinhala editor

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි. මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙරැළි රැසක් සිදුවූ තරගාවලියක් බැවින් අවසන් තරගය දක්වා අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පැවැසීම දුෂ්කර වනු ඇතැයි නවීඩ් නවාස් මහතාගේ විශ්වාසයවී තිබේ.

ශ්‍රී ලංකා  කණ්ඩායම තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සටහන් කොට සිවුවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තය සමග තරගය ඉතිරිව තිබේ. එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වන අතර එය ජයග්‍රහණය කළහොත් ලකුණු 6ක් ලැබේ. ඔස්ට්‍රේලියාව දැනට ලකුණු 5ක් ලබා ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාවට පහළින් සිටී.

ඇෆ්ගනිස්තානය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් තබාගත හැකිය. එරෙමන්ම අයර්ලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීම සිදු වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව ටයේ දොරටුව අසල සිටීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට ඔවුන්ගේ අවසන් තරග ජයගත නොහැකි වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන හතරට පැමිණීමේ අවස්ථාව කිසිසේත් උදා නොවේ. එසේ වුවහොත් එම රටවල් දෙකම 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයට ක්‍රීඩා කළ යුතු වේ. ශ්‍රී ලංකාව 1 කාණ්ඩයේ පළමු හතර දෙනා අතරට පැමිණියහොත්  ස්වයංක්‍රීයව 2024 විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇත.

“ ලෝක කුසලාන තරගාවලියේ තව එක් තරගයක් පමණයි අපට ඉතිරිව තිබෙන්නේ. දැන් ඉතාම තීරණාත්මකයි. අපට බලන්න සිදුවෙනවා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තාන ප්‍රතිඵලය දිහා. ඒ වගේම නවසීලන්තය හා අයර්ලන්ත තරගයක් තිබෙනවා. මේ ප්‍රතිපල සියල්ල අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තුවලට යම් වැදගත්කමක් තිබෙනවා“ නවීඩ් නවාස් මහතා පැවැසීය.

 2020 ජනවාරි මාසයෙන් පසු විස්සයි 20 අන්තර්ජාතික අර්ධ ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා ඇෆ්ගනිස්තානය සමග තරගයේදී නොදැවී ලකුණු 66ක් ලබා ගැනීම ශ්‍රී ලංකා සහය පුහුණුකරුගේ ප්‍රසාදයට ලක්විය. එය සුපිරි ඉනිමක් වූ බව නවීඩ් නවාස් මහතා සදහන් කළේය.

“ධනංජය ඉදිරියට පැමිණ තරගය නිමාව දක්වාම ක්‍රීඩා කිරීම සතුටුයි. ඔහුට ලැබුණු තරග බොහොමයක ලකුණු 20 හා 30 වගේ ලබා ගත්තා. අපේ සැලසුම වුණේ පළමු ඕවර් 10 තුල කඩුලු නොදී ලකුණු ලබා ගැනීමයි. පවර් ප්ලේ එකේ කඩුලු නොදී ලකුණු ලබා ගැනීම වැදගත්. තමන්ගේ භූමිකාව තේරුම් ගෙන සියයට සියයක් කණ්ඩායම වෙනුවෙන් දුන්නොත් තරගයක් ජය ගන්න අපහසු නෑ“ නවාස් මහතා පැවැසීය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest