slc
logo
Home   |    News
නොවැම්බර් 16, 2022
අපරාජිත සී.සී.සී.ට පිට පිටම තෙවැනි වතාවටත් ලීග් ශූරයින් වීමට හැකි වෙයිද…?

sinhala editor

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර අවසන් මහ තරගය මේ 17 වැනිදා සිට පුරා දින 4 ක් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස පෙරමුණට පැමිණි සී.සී.සී. පිල තරගාවලියේ එක් තරගයකින් පමණක් පරාජයවී සිටින ටැමිල් යූනියන් පිලට එරෙහිව මුහුණ දෙන ආකාරය කාගේත් අවධානයට ලක්ව තිබේ.

සී. සී. සී. කණ්ඩායම මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින්නේ පිට පිටම තෙවැනි වතාවට වීම විශේෂත්වයක් වේ. අවසන් වරට පැවැති තරගාවලි ද්විත්වයේදී අවසන් මහ තරග වරම් දිනාගත් සී.සී.සී. පිල එම තරගාවලි ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින කණ්ඩායම වේ. ඒ අනුව අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ පිට පිට වසර 3 ක් අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත් එකම කණ්ඩායම බවට පත්වීමටද සී. සී. සී. කණ්ඩායම සමත්ව සිටියි.

සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන්ගෙ යුතු ටැමිල් යූනියන් පිල සඳහා ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මදුශාන් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත වුවත් ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තවත් දින කීපයකින් ආරම්භ වන බැවින් ඔවුන්ව ජාතික කර්තව්‍ය සදහා මුදා හැරීමට එම ක්‍රීඩා සමාජයට සිදුව තිබේ. එබැවින් ඔවුන් දෙදෙනාගේ සහභාභාගිතවය ටැමිල් යුනියන් පිලට අහිමි වුවත් මෙවර තරග වාරයේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් රැසක්ම කණ්ඩායම සතුවීම නිසා ප්‍රතිවාදී සී.සී.සී. පිලට ප්‍රභල අභියෝගයක් ලබාදීමේ හැකියාව ඔවුන් සතුව පවතිනු ඇත.

අශාන් ප්‍රියංජනගේ නායක්තවයෙන් යුතු සී.සී.සී. කණ්ඩායමට ප්‍රභලම ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටිති. ජාතික පිල නියෝජනය කරනු ලබන වනිඳු හසරංග සහ අසිත ප්‍රනාන්දු ජාතික කර්තව්‍යය හේතුවෙන් හෙට තරගයට ක්‍රීඩා නොකරන නමුත්, ඔවුන් සතුව දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම සිටිති. මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ඔවුන් සතු ජාතික තලයේ ක්‍රීඩකයෝ වෙති.

‘ඒ‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින කොළඹ ක්‍රිකට් සමාජය තරග 12කදී ජයග්‍රහණ 5ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 160. 600ක් ලබා සිටී. ‘බී‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය තරග 12කදී ජයග්‍රහණ 5ක් වාර්තා කොට තරගයක් පරාජය වී හා තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 143.330ක් ලබා ඇත.

‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 12කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරග 3ක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 119.305ක් ලබා තම ස්ථානය කව දුරටත් රැකගත් අතර, ‘බී‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින යුද හමුදා ක්‍රීඩා සමාජය ද තරග 12කදී ජයග්‍රහණ 3ක් වාර්තා කොට තරගයයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 121.720ක් ලබා ඇත.

සී.සී.සී. කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන් (නායක), නිමේෂා ගුණසිංහ, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, ලසිත් අබේරත්න, පවන් රත්නායක, අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, සොනාල් දිනූෂ, චමිදු විජේසිංහ, යසරුවන් හේරත්, පවන්ත වීරසිංහ, පවන් පතිරාජ, මාලිංග අමරසිංහ, දේවිඳු කැකිරිදෙනිය, නුවන් තුෂාර, විශ්ව ප්‍රනාන්දු, දුවිඳු රණතුංග, විනුශ්ක සිල්වා, හසිඳු විජේවර්ධන, අංජල බණ්ඩාර.        
ටැමිල් යුනියන් – සධීර සමරවික්‍රම (නායක), නවෝද් පරණවිතාන, දිලුම් සුධීර, රවිඳු ප්‍රනාන්දු, රවීන්ද සිල්වා, ශිරාන් ප්‍රනාන්දු, සංතුෂ් ගුණතිලක, කවිඳු පතිරත්න, සිතර හපුහින්න, දුලාජ් චමුදිත, ජෙෆ්රි වැන්ඩර්සි, ක්‍රිෂ්ණ ශ්‍රීරාම්, සහස් හංසල, කමේෂ් නිර්මාල්, රොන් චන්ද්‍රගුප්ත, සුපුන් කාවින්ද. තිවංක විජේකෝන්, තරිඳු හර්ෂණ.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee