slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2022
අවුරුදු 19 න් පහළ බාළිකාවන්ට සිවුකොන් තරගාවලියක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාළිකාවන්ගේ ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ඉන්දියාවේ පැවැත්වෙන සිවුකොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (09 දා) ඉන්දියාව බලා පිටතව යනු ඇත.

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ‘ඒ’ සහ ‘බී’ වශයෙන් ඉන්දීය බාලිකා කණ්ඩායම් දෙකක් තරග වැදීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව හැරුණු විට තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙක් රට වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දේශයයි.

මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර නොවැම්බර් 13 වැනිදා ඉන්දීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු තරගයට සහභාගිවනු ඇත. විසාග්හි පැවැත්වෙන‌ මෙම තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගනු ලබන කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාව සඳහා සුදුසුකම් ලබනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest