slc
Home   |    News
නොවැම්බර් 6, 2022
ආබාධයෙන් පසුත් ධනුෂ්ක ගුණතිලකව කණ්ඩායමේ රඳවා ගත් හේතුව

sinhala editor

ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ධනුෂ්ක ගුණතිලකව ඉවත් කෙරුණද දිගින් දිගටම කණ්ඩායම සමග රඳවා තබා ගැනීමට හේතු වූ කරුණු මොනවාද යන්න පැහැදිළි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11 දා) පස්වරුවේ පියවර ගනු ලැබීය.

නැමීබියාවට එරෙහි තරගයේදී ආබාධයට මුහුණ දුන් ගුණතිලක ඉක්මනින් සුව ලබමින් සිටි නිසා වෛද්‍යවරුන් සහ තේරීම් කමිටුව නිලධාරීන් සමග සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කණ්ඩායම් කලමනාකාරීත්වය තවදුටත් ඔහුව තවදුරටත් කණ්ඩායමේ රඳවා තබා ගැනීමට තීරණය කර ඇත.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ගුණතිලක යනු ඒ වන විටත් ඔස්ට්‍රේලියාවේ පවතින දේශගුණික තත්ත්වයට හුරුවී සිටි බැවින් නැවත අවශ්‍යතාවයක් ඇති වුවහොත් වහාම සංචිතයට ගුණතිලකව එකතු කරගැනීම සඳහා තිබූ හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ඔහුව තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රඳවා තබා ගනිමින් පුහුණුවීම් කටයුතු වලට සහභාගිකර ගැනීමට කලමනාකාරීත්වය තීරණය කර තිබේ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest