slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2022
ඊබ්‍රහිම්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 295 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25 දා) ආරම්භ වුණු පළමු එක්දින තරගයේදී කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 295 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දීමට සමත්වූවේය.

ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් ඇෆ්ගනිස්තානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූවේය. මහීෂ් තීක්ෂණ විසින් ක්‍රියාත්මක කරන ලද 42 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් දී දැවී යන විට ඔහු පන්දු 120 කට මුහුණ දී ලකුණු 106 ක් ලබා සිටියේය. තවමත් 20 හැවිරිදි වියේ පසුවන ඊබ්‍රහිම් අද ලබාගන්නා ලද්දේ සිය දෙවැනි එක්දින අන්තර්ජාතික ශතකය විය.

ඊබ්‍රහිම්ට අමතරව ඔවුන්ගේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 20 සීමාව ඉක්මවා ලමින් ලකුණු රැස් කිරීම, ඔවුන් ලකුණු 300 ආසන්නයට යෑමට ප්‍රධාන අඩිතාලම එක් විය. ලකුණු 05 ක් ලබා සිටියදී රාජිතගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා වෙත ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් රාමනුල්ලා ගුර්බාස් ඊබ්‍රහිම් සමග පළමු කඩුල්ලට පන්දු 88 කදී වේගවත් ලකුණු 84 ක් එක් කළේය. වනිදු හසරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ගුර්බාස් දැවී යන විට පන්දු 55 කදී ලකුණු 53 ක් රැස් කරගෙන සිටියේය.

ඉන් නොනැවතුණු ඊබ්‍රහිම් රහ්මත් ෂා (52) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 118 ක් එක් කළේ පන්දු යවන්නන්ට කිසිද අවස්ථාවක් ලබා නොදෙමිනි. පන්දු 141 ක් වැයවුණු එම සම්බන්ධතාවය ළහිරු කුමාර බිඳ දැම්මේය. මැද පෙළින් පැමිණි නජිබුල්ලා සද්‍රාන් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 25 කදී වේගවත් ලකුණු 42 ක් ලබා ඇෆ්ගන් ලකුණු පුවරුව වේගවත් කළේය. එම ඉනිම ප්‍රධාන කොට ඇෆ්ගනිස්තානුවන්ට පහසුවෙන්ම ලකුණු 300 කඩඉම ඉක්මවාලීමට අවස්ථාවක් පැවතියද අවසන් පන්දුවාර 5 දී යළිත් තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 31 ක් ඇතුළත කඩුලු 5 ක් දවාලමින් ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කළහ.

මෙහිදී අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පිටියට පිවිසි අෂේන් බණ්ඩාර ඩීප් මිඩ් විකට් කළාපයේ සිට අති විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් හතරේ පහරක් නැවතීමට සමත් වූවා පමණක් නොව රශීඩ් ඛාන්ව දුවද්දී දවා ගැනීමකටද හසු කර ගැනීමට සමත් වූවේය. එතැනින්‌ නොනැවතුණු බණ්ඩාර ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහිදීවද දුවද්දී දවා ගැනීමකට හසු කරමින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය කණ්ඩායමට ලබා දීමට සමත්වූවේය.

අවසානයේ ඇෆේගනිස්තාන පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 294 ක් ලබා ගත් අතර එය ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. පන්දු යැවීමේදී වනිඳු හසරංග සාර්ථකම පන්දු යවන්නා වූයේ පන්දුවාර 10 ලකුණු 42 කට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව වේගයෙන් පන්දුවට පහර දෙන අවසන් පන්දුවාර 5 ඇතුළත කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත තම අවසන් පන්දුවාර 3 දී ලබා දී තිබුණේ ලකුණු 09 ක් පමණි. ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 10 කදී ලකුණු 52 කට කඩුල්ලක් වශයෙනි.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee