slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2022
එස්.එස්.සී. හා එන්.සී.සී. ගෞරවය රැක ගැනීමේ සටනක

sinhala editor

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත එස්එස්සී හා එන්සීසී කණ්ඩායම් දැනට සිටින ස්ථානයෙන් පියවරක් ඉදිරියට පැමිණ ගෞරවය රැක ගැනීමේ සටනකට පිවිසෙති. දැනට ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ හා‘බී‘ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේ සිටින එස්එස්සී හා එන්සීසී කණ්ඩායම් අවසන් සතියේදී උපරිම දක්ෂතා දක්වා ජයග්‍රහණ අතරට පිවිසියහොත් දෙවැනි තැනට උසස්වීමට බොහෝ හැකියා ඇති හෙයින් එය ප්‍රමුඛ අරමුණු කොට හෙට (11) තරග බිමට පිවිසෙනු ඇත.

දසුන් ශානක, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, රොෂේන් සිල්වා, කසුන් රාජිත, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ වැනි ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩකයන් හා නිපුන් ධනංජය, නවනිදු ප්‍රනාන්දු, ෂම්මු අශාන් හා නිසල තාරක වැනි නැගී එන ක්‍රීඩකයන්ගෙන් සමන්විත එස්එස්සී පිල හෙට එස්එස්සී පිටියේදී සෙබස්තියනයිට්ස් පිල හමුවේ.

පැතුම් නිශ්ශංක, සදුන් වීරක්කොඩි, කමීල් මිෂාර, චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙනිය, ළහිරු කුමාර වැනි ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩකයන් හා අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා අශේන් ඩැනියෙල් වැනි නැගී එන ක්‍රීඩකයන්ගෙන් සමන්විත එන්සීසී පිල හෙට එන්සීසී පිටියේදී හලාවත මේරියන්ස් පිල හමුවේ.

‘ඒ‘ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ සිටින එස්එස්සී පිල ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 104.885ක් ලබා ඇත්තේ තරග 11කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කරමිනි. ‘බී‘ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ සිටින එන්සීසී පිල තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක් හා විසදුමකින් තොරව තරගයක් නිමාකොට ලකුණු 102.810ක් ලබා සිටි.

‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 11කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරග දෙකක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 117.355ක් ලබා ඇත. ‘බී‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින යුද හමුදා ක්‍රීඩා සමාජය තරග 12කදී ජයග්‍රහණ 3ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 121.720ක් ලබා ඇත. යුද හමුදා ක්‍රීඩා සමාජය මේ වනවිට සියලු තරගවලට මුහුණදී හමාරය.

‘ඒ‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින කොළඹ ක්‍රිකට් සමාජය තරග 11කදී ජයග්‍රහණ 5ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 149.820ක් ලබා සිටී. ‘බී‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය තරග 11කදී ජයග්‍රහණ 5ක් වාර්තා කොට තරගයක් පරාජය වී හා තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 132. 480ක් ලබා ඇත.

‘ඒ‘ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජය තරග 12ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 100.295ක් ලබා සිටින අතර,5 වැනි ස්ථානයේ සිටින රාගම ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජයක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 80.176ක්, 6 වැනි ස්ථානයේ සිටින බස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 71.190ක්, 7වැනි ස්ථානයේ සිටින බීආර්සී පිල තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 5ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 70. 685ක්, 8 වැනි ස්ථානයේ සිටින කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 3ක්, පරාජ 5ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 68. 970ක්, 9 වැනි ස්ථානයේ සිටින පොලිස් ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 67. 835ක්, 10 වැනි ස්ථානයේ සිටින කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 60.745ක්, 11 වැනි ස්ථානයේ සිටින ගාලු ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 59.890ක්, 12 වැනි ස්ථානයේ සිටින ලන්කන් ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 3ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 43.935ක් හා අවසන් ස්ථානයේ සිටින කලුතර නගර ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට පරාජ 4ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 43. 490ක් අවසන් සතිය වෙද්දී වාර්තා කොට ඇත.

‘බී‘ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ සිටින හලාවත මේරියන්ස් පිල තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 94.380ක් ලබා සිටින අතර, 5 වැනි ස්ථානයේ සිටින බදුරලිය ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 3ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 90. 190ක්, 6 වැනි ස්ථානයේ සිටින ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 3ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 78.015ක්, 7 වැනි ස්ථානයේ සිටින බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 2ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 75.120ක්, 8 වැනි ස්ථානයේ සිටින පානදුර ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 2ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 4ක් නිමාකොට ලකුණු 72.100ක්, 9 වැනි ස්ථානයේ සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 4ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 61.540ක්, 10 වැනි ස්ථානයේ සිටින නුගේගොඩ ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට පරාජ 3ක් හා විසදුමකින් තොරව තරග 2ක් නිමාකොට ලකුණු 60.450ක්, 11 වැනි ස්ථානයේ සිටින සැරසන්ස් ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 1ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 59.890ක්, 12 වැනි ස්ථානයේ සිටින

මීගමුව ක්‍රිකට් සමාජය තරග 11ක් ක්‍රීඩා කොට පරාජ 3ක් හා විසදුමකින් තොරව තරග 3ක් නිමාකොට ලකුණු 59.265ක් හා අවසන් ස්ථානයේ සිටින නාවික හමුදා ක්‍රීඩා සමාජය තරග 11ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 1ක්, පරාජ 6ක් හා විසදුමකින් තොරව තරගයක් නිමාකොට ලකුණු 47. 930ක් ලබා සිටී.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar