slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2022
ඓතිහාසික ශූරතා ජයග්‍රහණයට සී.සී.සී ලකුණු 147ක් පිටුපසින්

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය (ටැමිල් යූනියන්) පළමු ඉනිමට වාර්තා කළ ලකුණු 558ට පිළිතුරු ලෙස කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 411ක් ලබා සිටියි. ඒ අනුව පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට නම්, කඩුලු 5ක් අතැතිව සිටින කොළඹ ක්‍රිකට් සමාජය අවසන් දිනය වූ හෙට (20) තවත් ලකුණු 147ක් රැස්කර ගත යුතුව ඇත.

එසේ වුවහොත් පිට පිටම තෙවැනි වතාවට අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු කණ්ඩායම බවට පත්වීමට කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) සමත් වනු ඇත.

තෙවැනි දිනය නිමාවෙද්දී කොළඹ ක්‍රිකට් සමාජ නායක අශාන් ප්‍රියංජන හා චමිඳු විජේසිංහ එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 123ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා සිටි අතර අශාන් ප්‍රියංජන පන්දු 111කදී හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 52ක් හා චමිඳු විජේසිංහ පන්දු 139කදී හතරේ 8ක් සමග නොදැවී ලකුණු 71ක් ලබා සිටිති.

දින හතරකට සීමා වූ අවසන් තරගයේ නිමාවට පත් වූ දින තුනක් තුලදී දෙපිලම කඩුලු 15ක් දැවී ලකුණු 969ක් ලබා සිටිති. එබැවින් අවසන් තරගය පැවැත්වෙන කොළඹ එස්. එස්. සී පිටිය පිතිකරුවන්ට පාරාදීසයක් බඳුය.

මෙවර තාරගාවලියේ ඉනිමකදී වාර්තා කළ වැඩිම දෙවැනි ලකුණු ප්‍රමාණය සටහන් කළ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට සාර්ථක පිළිතුරක් ලබාදීමට කොළඹ ක්‍රිකට් සමාජයේ ඉදිරි පෙළ හා මැද පෙළ පිතිකරුවන් සමත් වීම කැපී පෙණුනි. කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, ලසිත් අඹේරත්න, චමිඳු විජේසිංහ හා නායක අශාන් ප්‍රියංජන දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑමේදී පරිනත ක්‍රීඩා විලාශයක් විදහා දක්වමින් ලකුණු රැස් කළහ.

දෙවැනි දිනය (18) නිමා වෙද්දී කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා සිටි අතර එවිට මිනෝද් භානුක නොදැවී ලකුණු 72ක් ලබා සිටි අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 31ක් ලබා සිටියහ. අද (19) දිනයේ මිනෝද් භානුක තවත් ලකුණු 3ක් එකතුකර ගනිද්දී රවිදු ප්‍රනාන්දුගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 75කට දැවී ගියේය. එවිට මිනෝද් හා කමිඳු තෙවැනි කඩුල්ලට ලකුණු 83ක සම්බන්ධතාවක් ගොඩ නගා සිටියහ. මිනොද් භානුක පන්දු 84කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් තම ඉනිමට එක් කළේය.

කමිඳු හා ලසිත් අබේරත්න සිවුවැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩනගා සිටියදී කමිඳු මෙන්ඩිස් ලකුණු 105කට දැවී ගියේය. මෙම ශතකයත් සමග කමිඳු මෙන්ඩිස් මෙවර අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ ද්විත්ව ශකයක් හා ශතක 3ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු පන්දු 149කට මුහුණදී හතරේ පහර 14ක් එල්ල කළ අතර ලසිත් අබේරත්න ලකුණු 48කදී දැවී ගියේය. පන්දු යැමීමේදී ද්‍රවිඩ සංගම් පිලේ රවිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් බිදහෙලා දස්කම් දැක්වීය.

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ලකුණු 558යි ( ඕවර් 135.2) – සධීර සමරවික්‍රම 188, නවෝද් පරණවිතාන 54, රොන් චන්ද්‍රෙස්කර 48, දිලුම් සුධීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46 ( මලින්ද පුෂ්පකුමාර 133/1, විශ්ව ප්‍රනාන්දු 102/4, චමිඳු විජේසිංහ 82/1, ලක්ෂාන් සඳකැන් 128/4)

කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 5කට ලකුණු 411 (ඕවර් 107) – නිමේෂ ගුණසිංහ 33, මිනෝද් භානුක 75, කමිඳු මෙන්ඩිස් 105, ලසිත් අඹේරත්න 48, අශාන් ප්‍රියංජන නොදැවී 52, චමිඳු විජේසිංහ නොදැවී 71 ( ශිරාන් ප්‍රනාන්දු 71/1, කවිඳු පතිරත්න 41/1, රවිඳු ප්‍රනාන්දු 81/3)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest