slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2022
ඔස්ට්‍රේලියාවේ වෙච්ච වැරදි හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

sinhala editor

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ධනුෂ්ක ගුණතිලක විසින් කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීම සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු වූ සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම කමිටුවට නීතිඥ නිරෝෂණ පෙරේරා සහ ඇසේල රැකව යන මහත්වරුද ඇතුළත්ව සිටිති.

එම සිද්ධියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැදී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාර්තා වුණු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන්ද පුලුල් පරීක්ෂණයක් මෙම කමිටුව විසින් විමර්ශනය කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

අභිනවයෙන් පත් කෙරුණු ‌මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු පැහැදිළි කිරීමක ඉල්ලා සිටිනු ඇත. කලමනාකරුගේ වාර්තාව එම මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, යම් ක්‍රීඩකයකු අතින් වරදක් හෝ නොසැලකිළිමත් ලෙස හැසිරී ඇති බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ලබන බවද වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

USD United States (US) dollar