slc
Home   |    News
නොවැම්බර් 23, 2022
කඩුලු 100 සීමාව ඉක්මවාලීමට නොහැකි වූ හේතුව ගැන කෞමාල් කතා කරයි

sinhala editor

2022 මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී ම කඩුලු සියයේ ඉලක්කය කරා යා යුතු බවට තමා අරමුණු කරගෙන සිටියත් ඊට ළඟාවීමට නොහැකි වූයේ ප්‍රමාණවත් පන්දුවාර සංඛ්‍යාවක් යැවීමට අවස්ථාව නොලැබීම යැයි තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු යුද හමුදාවේ කෞමාල් නානායක්කාර පවසයි.

තරගාවලියේ දී කඩුලු 50 ඉක්ම වූ පන්දු යවන්නන් හයදෙනාට කෞමාල් අයත් වූ අතර, ඔහු දවාලූ කඩුලු සංඛ්‍යාව 66කි.  මොහු දෙවන ස්ථානයේ පසුවන අතර, ඉදිරියෙන් ම සිටින්නේ කඩුලු 67ක් දවාලූ ප්‍රභාත් ජයසූරියයි. කෞමාල්ට වඩා ජයසූරිය එක් කඩුල්ලක් ඉදිරියෙන් සිටියද තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කෞමාල් අභිෂේක ලබන්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යයට අමතරව යවා ඇති පන්දු වාර සංඛ්‍යාව ජයසූරියට වඩා බෙහෙවින් අඩු අගයක් ගෙන ඇති බැවින්. ජයසූරිය මෙවර තරග වාරයේදී පන්දුවාර 457 ක් යවා කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.85 ක් ලෙස රඳවා තබා ගැනීමට සමත් වද්දී කෞමාල් නානායක්කාර යවා ඇත්තේ පන්දුවාර 328 ක් පමණි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමානය 15.37 ක් ලෙස සටහන් වේ.

තරගාවලියේ මූලික වටයේ තරග 12න් හයක දී කඩුලු 50 සීමාවත් තරග 12 ක දී කඩුලු සියයයේ සීමාවත් පසු කිරීමට සූදානම්ව සිටියත් එම සීමා කරා යාමට නොහැකිවීමට හේතූන් කිහිපයක් ම බලපෑ බව ද කෞමාල් නානායක්කාර කියයි.  ඊට හේතූන් ලෙස ඔහු දක්වන්නේ තරග දෙකක්ම වර්ෂාවට සේදීයාමත්, තවත් දක්ෂතම පන්දු යවන්නන් කීප දෙනෙකුම තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමත් නිසා බවද සදහන් කර සිටියේය.

යුද හමුදා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ලෙස සීක්කකුගේ ප්‍රසන්නත් සුමින්ද ලක්ෂානුත් කෞමාල් මෙන්ම ඉතා හොඳින් දඟ පන්දු යවන්නන්ගේ කාර්යය භාරය ඉටු කරන චරිතය. එබැවින් පන්දු යැවීම ප්‍රධාන වශයෙන්ම මොවුන් තිදෙනා අතර බෙදී යනු ඇත.

මේ වසරේ එංගලන්තයේ ක්‍රිකට් සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම සඳහා නම් කළ ක්‍රීඩකයන් ‍තිහකගේ සංචිතයට ද කෞමාල් ඇතුළත් විය.  2021 මේජර් එමර්ජින් අවුරුදු 23න් පහළ තරගාවලියේ දී කඩුලු 50 ඉක්මවා දක්ෂතම පන්දු යවන්නා ලෙසත් අවුරුදු 23න් පහළ සුපිරි පළාත් තරගාවලියේ කැපී පෙනෙන පන්දු යවන්නා ලෙසත් කෞමාල් නම් කෙරිණි.

කෞමාල් නානායක්කාරගේ පුහුණුකරුවන් ලෙස ක්‍රියාකර ඇත්තේ අවුරුදු 23න් පහල සීමාවේ දී අජන්ත මෙන්ඩිස් ද ඉන්පසුව යුද හමුදාවේ දී රොජර් විජේසුරියත් පානදුර ශ්‍රී සුමංගල සහ මොරටුව වේල්ස් කුමාර කණ්ඩායම් නියෝජනය කරද්දී කුෂාන් ජයවික්‍රම සහ කල්ප ප්‍රනාන්දුය.

පාසල් වියෙහි දී දක්ෂතම පන්දු යවන්නෙකු ලෙස ප්‍රචලිතව සිටි කෞමාල් වේල්ස් කුමාර විදුහල නියෝජනය කරමින් 2016-17 දී කඩුලු 56ක් ද 2017-18 කඩුලු 86ක් ද 2018-19 කඩුලු 105ක් ද දවා තිබේ.

“තාත්තා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේත් අම්මා පානදුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේත් සේවයේ නියුතුව සිටිනවා.  ඔවුන් දෙදෙනා තමයි මගේ ක්‍රීඩාවට වැඩියෙන්ම උණන්දු වුණු අය. මගේ අපේක්ෂාව නැවතත් ජාතික සංචිතයට ඇතුළත්ව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමයි” යැයි කෞමාල් පවසයි.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest