slc
Home   |    News
නොවැම්බර් 23, 2022
ක්‍රීඩක ගිවිසුම් වගන්ති කඩ කළාට චාමිකට ඩොලර් 5000 ක් ගෙවන්න වෙයි

sinhala editor

ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමට අදාළ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව විසින් සිදු කළ විනය පරීක්ෂණයේදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව තිබූ සියලුම චෝදනාවලට ඔහු විසින් වරද පිළිගැනීම හේතුවෙන් ඒ පිළිබඳව සිය නිර්දේශ ඇතුළත් පරීක්ෂණ වාර්තාව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇත.

හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම ත්‍රිපුද්ගල කමිටුවට නීතිඥයින් වන අසේල රැකව සහ නිරෝෂණ පෙරේරා යන මහත්වරු ඇතුළත්ව සිටියහ. චාමික විසින් සිදුකර ඇති විනය කඩකිරීම්වල බරපතලකම සැලකිල්ලට ගනිමින් යළිත් වරක් විනය කඩ නොකරන ලෙස තරයේ අවවාද කරන ලෙසත් හා ඔහුගේ ක්‍රීඩා දිවියට බලපෑමක් නොවන ආකාරයේ දඬුවමක් ඔහු වෙත ලබා දෙන ලෙස එම ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත නිර්දේශ කර තිබේ.

ඒ සියල්ල සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් චාමිකට එරෙහිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක තහනමක් පැනවීමටත්, එම තහනම වසරක කාලයකට අත්හිටුවීමටත් පියවර ගෙන තිබේ.

එම අත්හිටුවූ තරග තහනමට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් නියම කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ. එය වර්තමාන රුපියල් සමඟ සංසන්දනය කිරීමේදී දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහඅටහමාරකට ආසන්න මුදලක් වනු ඇත.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest