slc
Home   |    News
නොවැම්බර් 21, 2022
ග්‍රේස් පිල කල් ඇතිවම අවසන් මහ තරගයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ සිවුවැනි තරගය කඩුලු 3කින් ජයගත් ග්‍රේස් පිල තවත් තරගයක් ඉතිරිව තිබියදීම අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

ග්‍රේස් පිල සහභාගී වූ පළමු තරගයේදී බ්ලූස් පිලට එරෙහිව ලකුණු 124 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්විය. මේ හේතුවෙන් ඔවුන් සහභාගී වූ තරග දෙකෙන්ම පිට පිට ජයග්‍රහණ වාර්තා කිරීම කැපී පෙනේ.

මෙම තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර 22දා රෙඩ්ස් හා බුලූස් අතර තරගයත්, 23 වැනිදා ග්‍රෙස් හා ග්‍රීන් අතර තරගයත් කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගාවලියේ ග්‍රේස් පිල තරග දෙකක්, ග්‍රීන් පිල හා රෙඩ්ස් පිල තරග එක බැගින් ජය වාර්තා කොට ඇත. එහෙත් තරග දෙකකට සහභාගීවී සිටින බ්ලූස් පිල තවමත් ජයග්‍රහණ වාර්තා කොට නැත. කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ වැඩිම දක්ෂතා පෙන්වා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක 25 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

කොළඹ බී.ආර්.සී. පිටියේ අද (20) පැවැති තරගයෙන් රෙඩ්ස් පිල ඕවර් 35. 4කදී ලකුණු 81ක් ලැබූ අතර ග්‍රේස් පන්දුවාර 32කදී කඩුලු 7 ට ලකුණු 82ක් ලබා ජය තහවුරු කර ගත්තේය. තම පිල ජයග්‍රාහී මාවතට ගෙන ගිය හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය.

රෙඩ්ස් පිලේ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 18ක් ලබා ගත්තද අනෙක් කිසිදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට නොහැකි විය. රෙඩ්ස් පිලට හිස ඔසවන්නට නොදුන්   ඉනෝකා රණවීර කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූවාය.

රෙඩ්ස් පිල ලකුණු 81යි (ඕවර් 35.4) – ප්‍රසාදිනී වීරක්කොඩි 18, කේ. කේ.සුරන්ති 7, නිලක්ෂි ද සිල්වා 7, රෂිනි පෙරේරා 8, සචිනි නිසංසලා 7, අතිරේක 17 ( ඉනෝෂි ප්‍රනාන්දු 18/3, සඳනි තිවංකා 13/1, ඉනෝකා රණවීර 18/3, ඉමල්කා මෙන්ඩිස් 2/1)

ග්‍රෙස් පන්දුවාර කඩුලු 7 ට ලකුණු 82යි (ඕවර් 32) – හර්ෂිතා සමරවික්‍රම 10, හංසිමා කරුණාරත්න නොදැවී 32, කෞෂනී නුත්‍යාංගනා 14, අතිරේක 13 ( තාරිකා සෙව්වන්දි 16/1, මල්ෂා සදනී 8/3, නිලක්ෂී ද සිල්වා 15/1, සචිනි නිසංසලා 17/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest