slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2022
තෙවැනි වතාවත් දසුන්ට කාසියේ වාසිය අහිමිවෙයි – දුනිත් සහ අසිත කණ්ඩායමට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීද ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඇෆ්ගනිස්තානු නායක හෂ්මාතුල්ලා ශයිඩි හමුවේ පරාජයට පත්විය. ඒ අනුව පිට පිටම තෙවැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කරගත් ඇෆ්ගනිස්තානු නායකයා පල්ලකැලේ තණතීරුවේදී කිසිදු පැපකිළීමකින් තොරව පන්දුවට පහර දීම  තෝරා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සදහා වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණ වද්දී ඇෆ්ගනිස්තානු පිල එක වෙනස් කමක් සහිතව අවතීර්ණව සිටිති. පළමු සහ දෙවැනි තරග වලට ක්‍රීඩා කරන ලද ළහිරු කුමාර සහ ධනංජය ලක්ෂාන් වෙනුවට අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේව කැඳවමින් ශ්‍රී ලංකාව අවතීර්ණ වද්දී ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් නූර් අහමඩ් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේය. ඔහු අවසන් 11 දෙනා අතරට පැමිණ සිටින්නේ යමින් අහමද්සායි වෙනුවටය.්‍

වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ධනංජය ලක්ෂාන්ගේ ස්ථානය සදහා කණ්ඩායමට පැමිණ සිටියි. ඔහු අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදි තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේද දුනිත් වෙල්ලාලගේය. ඔහු තරග 5 කදී කඩුලු 9 ක් බිඳ හෙළුවේය. ඔහුට අමතරව කණ්ඩායමට පැමිණ සිටින අසිත ප්‍රනාන්දු අවසන් වතාවට එක්දින තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ එංගලන්තයට එරෙහිව බ්‍රිස්ටල්හි පැවැති තරගයට වේ.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය ලකුණු 60 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තානු පිල සමත් වූ අතර දෙවැනි තරගය වරුෂාව හේතුවෙන් අත හැර දැමීමට සිදුවිය. කෙසේ වෙතත් එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු  පිල ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ඉනිමේ 16 වැනි පන්දුව යවනවාත් සමඟම වර්ෂා‌වෙන් බාධා පැමිණියේය.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරනු ලබන සුපර් ලීග් තරගාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලියේ දෙවැනි තරගයේ ලද ප්‍රසාද ලකුණු 5ත් සමග සංචාරක ඇෆ්ගනිස්තානුවන් එළැඹෙන ලෝක කුසලාන තරගාවලීයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්විය. ප්‍රසාද ලකුණු 67 ක් සමඟින් 10 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අද තරගයද  සමග ඉතිරිව ඇත්තේ තරග 4 ක් පමණක් බැවින්, අද තරගයේ ජය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇත.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. දිනේෂ් චන්දිමාල්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිදු හසරංග, 8. දුනිත් වෙල්ලාලගේ, 9. මහීෂ් තීක්ෂණ, 10. අසිත ප්‍රනාන්දු, 11. කසුන් රාජිත.

ඇෆ්ගනිස්තානය – 1. රාමනුල්ලා ගුර්බාස්, 2. ඊබ්‍රහිම් සද්‍රාන්, 3. රහමට් ෂා, 4. හෂ්මතුල්ලා ශහිදි (නායක), 5. නජිබල්ලා සද්‍රාන්, 6. මොහොමඩ් නබි, 7. ගුල්බදින් නයිබ්, 8. රශීඩ් ඛාන්, 9. මුජීබ් උර් රෙහ්මාන්, 10. ෆසාලහක් ෆරූකි, 11. නූර් අහමඩ්.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee