slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2022
දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියාට ශ්‍රී ලංකාවෙන් ඇරයුමක්

sinhala editor

පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුරදී තරග පාවාදීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සිදුකරන ලද චෝදනාව විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සබාවේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා වන ඇලෙක්ස් මාර්ෂල් මහතාට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (23 දා) තීරණය කළේය .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයකු ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ අඛන්ඩතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ආයතනයක් වන අතර ඉහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මෑ කාලයේ සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාසය පළ කරයි. එම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශ්වකරුවන්ගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසයයි.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee