slc
Home   |    News
නොවැම්බර් 7, 2022
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තරග වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (11 දා) තීරණය කළේය.

තවද ඉහතින් සඳහන් වරද සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂණයක් ද කඩිනමින් සිදු කිරීමට කටයුතු කරනු ඇත. තවද ඔස්ට්‍රේලියානු අධිකරණයේ නඩුවේදී ඔහු වරදකරු වුවහොත් දඬුවම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ඇත.

ඕනෑම ක්‍රීඩකයකු සිදුකරනු ලබන මෙවැනි හැසිරීමක් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත්, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ලබන ඔස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කර සිටියි.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest