slc
Home   |    News
නොවැම්බර් 17, 2022
නිලක්ෂිගේ ශතකයෙන් රෙඩ්ස් පිලට විශිෂ්ඨ ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභිනිය බවට රෙඩ්ස් කණ්ඩායමේ නායිකා නිලක්ෂි ද සිල්වා අද (11 දා) සමත් වූවාය. ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති තරගයේදී නොදැවී ලකුණු 110 ක් වාර්තා කරමින් ඇය මෙම සුවිශේෂී ඉනිමට හිමිකම් කීවාය. ග්‍රීන් පන්දු යවන්නියන්ට සතර අතේ පහර දුන් නිලක්ෂී පන්දු 126දී හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් එල්ල කළාය. මේ හේතුවෙන් රෙඩ්ස් පිලට ලකුණු 93ක විශිෂ්ට ජයක් හිමි විය. එය රෙඩ්ස් පිල මෙම සුපිරි කණ්ඩායම් 4 අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රහණය විය.

පානදුර සාන්ත අන්තෝනී බාලිකා විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ නිලක්ෂී වසර 2005 සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කරන්නීය. ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින තරග 25කට ක්‍රීඩා කළ අතර විස්සයි 20 තරග 60කට ක්‍රීඩා කොට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.

කාසියේ වාසිය දිනාගත් රෙඩ්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර් 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 209ක් ලබා ගත්තේය. නිලක්ෂී ද සිල්වා හා සචිනි නිසංසලා 6 වැනි කඩුල්ලට  ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. සචිනි නිසංසලා හතරේ පහර 2ක් සමග ලකුණු 37ක් ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රීන් පිල ඕවර් 47කදී සියලු දෙනා ලකුණු 111කට දැවී ගිය අතර එම පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 24කට දැවී ගියාය. ග්‍රීන් පිලේ ඉනිම කඩා බිද හෙලූ ආරම්භක පන්දු යවන්නිය වූ තාරිකා සෙව්වන්දි ඕවර් 10කදී ලකුණු 13කට කඩුලු 4ක් බිදහෙලමින් දස්කම් දැක්වූවාය. එයට අමතරව තාරුකා ෂෙහානී කඩුලු 2ක් බිදහෙලීමට සමත් විය.

රෙඩ්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 209යි (ඕවර් 50) – (නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 110, ප්‍රසාදිනී වීරක්කොඩි 25, සචිනි කිසංසලා 37, නිමේෂා මධුෂානී 21/2, රශ්මි සිල්වා 51/3, උදේශිකා ප්‍රබෝධනී 29/1, සුලේෂා සත්සරණී 36/1)

ග්‍රීන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 116යි (ඕවර් 50) – (නිලක්ෂී ද සිල්වා 24, පියුමි වත්සලා 23, උදේශිකා ප්‍රබෝධනී 25, තාරිකා සෙව්වන්දි 13/4,  තාරුකා ෂෙහානී 26/2, චේතනා විමුක්ති 16/1, නිලක්ෂි ද සිල්වා 8/1)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest