slc
Home   |    News
නොවැම්බර් 9, 2022
බාලිකා යොවුන් පිල මෙහෙයවීමේ වගකීම ‘විශ්මිට’ පැවරෙයි

sinhala editor

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රීඩිකාවන්ගේ සිව්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙස විශ්මි ගුණරත්නව නම් කර තිබේ. නම් කරන ලද ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති.

ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරනු ලබන විශ්මි, ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර දෙකකට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 9 කටද විශ්මි ක්‍රීඩා කර තිබේ. විශ්මිට අමතරව රත්නාවලී බාලිකා විදුහලෙන් තවත් ක්‍රීඩිකාවන් තිදෙනකු ශ්‍රී ලංකා බාලිකා පිලට ඇත්ළත්ව සිටින අතර, උමායා රත්නායක, දෙව්මි විහංගා සහ විදුශිකා පෙරේරා එම ක්‍රීඩිකාවෝ වෙති.

ඔවුන්ට අමතරව බාලිකා කණ්ඩායමට වැඩිම ක්‍රීඩිකාවන් පැමිණ සිටින අනෙක් කණ්ඩායම වන්නේ රත්ගම දේවපතිරාජ විදුහල වේ. එම පාසල නියෝජනය කරමින් ද ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු පැමිණ සිටින අතර, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, සුමුදු නිසංසලා සහ විහාරා සෙව්වන්දි එම ක්‍රීඩිකාවෝ වෙති.

ඊට අමතරව, මාතර අනුර විදුහල නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙක්, මොරටුව වේල්ස් කුමරි විදුහල නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙනෙනෙක්, වාද්දුව මැදි මහ විදුහලින් සහ නුගේගොඩ අනුලා විදුහලින් එක් ක්‍රීඩිකාවක් බැගින් බාලිකා ජාතික කණ්ඩායමට පැමිණ සිටිති.  

ශ්‍රී ලංකාවට අමතරව මෙම තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කරමින් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් දෙකක් සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවලින් බාලිකා කණ්ඩායම් සහභාගි වෙති. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සටන මෙම මස 13 වැනිදා ඉන්දීය ‘බී’ පිලට එරෙහිව විසාග්හි තරග වදිනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග විසාග්ඩ් පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 19 වැනිදා පැවැත්වෙනු ඇත. මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගනු ලබන කණ්ඩායම් අවසන් මහ තරග වරම දිනා ගනු ඇත.

මෙම තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා බාලිකා යොවුන් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.

ක්‍රීඩිකාවපාසල
විශ්මි ගුණරත්නරත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
සංජනා කාවින්දිදේවපතිරාජ ජාතික පාසල – රත්ගම
උමායා රත්නායකරත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ බාලිකා විදුහල – රත්ගම
රශ්මිකා සෙව්වන්දිඅනුර විදුහල – මාතර
දෙව්මි විහංගාරත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
මනුදි නානායක්කාරවේල්ස් කුමරි විදුහල – මොරටුව
සුමුදු නිසංසලාදේවපතිරාජ ජාතික පාසල – රත්ගම
පමෝදා ශයිනිඅනුර විදුහල – මාතර
විදුශිකා පෙරේරාරත්නාවලී බාලිකා විදුහල – ගම්පහ
දුලංගා දිසානායකඅනුලා විදුහල – නුගේගොඩ
රිෂ්මි සංජනාඅනුර විදුහල – මාතර
නේත්මි සේනාරත්නවාද්දුව මැදි මහ විදුහල – වාද්දුව
හරිනි පෙරේරාවේල්ස් කුමරි විදුහල – මොරටුව
විහාරා සෙව්වන්දිදේවපතිරාජ ජාතික පාසල – රත්ගම

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest