slc
Home   |    News
නොවැම්බර් 1, 2022
වනිඳු සහ ධනංජය අවසන් පූර්ව බලාපොරොත්තු වැඩි කරති

sinhala editor

කණ්ඩායම් 12 දෙනාගේ තරග වටය යටතේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (01 දා) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු ඉහළ දමා ගැනීමට සමත්විය. මෙම තරගයේ හිමි ප්‍රසාද ලකුණු 2 ත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම  පළමු කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.

ඇෆ්ගනිස්තානු පිල ලබා දුන් ලකුණු 145 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දවාර 18.3 ක් පමණක් වැය කරමින් සපුරා ගන්නා විට කඩුලු 4 ක් පමණක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූුහ. දැවී ගිය කඩුලු 4 න් 2 ක්ම රශීඩ් ඛාන් විසින් දවා ගත් කඩුලු විය.

දඟ පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය ලෙසින් හැසිරුණු ගැබා තණතීරුවේදී ඇෆ්ගන් පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවත් අනර්ඝ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා එහයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟ පන්දු 42 කදී නොදැවී ලකුනු 66 ක් ලබා ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට මුල් වූවේය.

දෙවැනි පන්දුවාරයේදී පැතුම් නිස්සංක දැවී යෑමත් සමඟ පිටියට පිවිසි ධනංජය ද සිල්වා කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් එක් කළේය. එහෙත් රශීඩ් ඛාන් විසින් මෙන්ඩිස්ව දවා ගැනීමට සමත්වීම නිසා පිටියට එක්වූ චරිත් අසලංක සමඟ එක්වූ ධනංජය පන්දු 34 කදී ලකුණු 54 ක්ද භානුක රාජපක්ෂ සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුනු 42 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා පිල ජය කණුව කරා රැගෙන ගියහ.

වෙනදා මෙන් නොව අද තරගයේදී අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද්දේ වනිදු හසරංග විසිනි. අවසන් පන්දුවාරය යනු පිතිකරුවන් ලකුණු සොයා යන පන්දුවාරයක් වුවත් එම පන්දුවාරයේදී කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 03 ක් පමණක් ලබා ගැනීමට ඉඩ සලස්වමිනි. අවසන් පන්දුවාරය හැරුණු කොට හත් වැනි පන්දුවාරයත්, ‌‌එකොලොස් වැනි පන්දුවාරයත් සහ 14 වැනි පන්දුවාරයත් ක්‍රියාත්මක කළ වනිඳුගේ  පන්දු යැවීම ලකුණු 13 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කර ගනු ලැබුවේ සිය ප්දුවාර 4 දී එකම වරක් හෝ ප්‍රතිවාදීන්ට හතරේ පහරක් එල්ල කිරීමට ඉඩ පහසර වළකාලමිනි. මෙම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුට එම තරගයේ වීරයා සම්මානයට අමතරව තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව 13 ක් දක්වා ඉහළ දමා ගැනීමටද ඉඩ පහස විවර විය.

ඇෆ්ගනිස්තානු ඉනිමේ වැඩිම ලකුනු ලාභියා බවට පත්වූයේ රාමනුල්ලා ගුර්බාස් වන අතර හේ පන්දු 24 කදී හයේ පහර 2 ක්් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 28 ක් ලබා ගත්තේය. ළහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා කඩුලු රකින්නාගේ ඉනිම නිමාවට පත්විය. සමස්ථයක් ලෙස අද දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පන්දු රැකීම ප්‍රශසංථ මට්ටමක නොපැවතීම කැපී පෙනිණ. රැකගත හැකි උඩ පන්දු මෙන්ම එක් ලකුණකට සීමා කළ හැකි අවස්ථාවන්වලදී ප්‍රතිවාදී පිතිකරුවන් එය ලකුණු  දෙකක් බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූවේය පන්දු රකින්නන්ගේ වූ අතපසුතාවයන් හේතුවෙනි.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 144 යි – (රාමනුල්ලා ගුර්බාස් 28, උස්මාන් ඝානි 27, ඊබ්‍රහිම් සද්‍රාන් 22, නජිබුල්ලා සද්‍රාන් 18, ගුගුල්බාදින් ලයිබ් 12, මොහොමඩ් නබී 13, වනිඳු හසරංග 13/3, ළහිරු කුමාර 30/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 කදී කඩුලු 4 ට ලකුනු 148 යි – (ධනංජය ද සිල්වා (නොදැවී) 66, කුසල් මෙන්ඩිස් 25, පැතුම් නිස්සංක 10, චරිත් අසලංක 19, භානුක රාජපක්ෂ 18, මුජීබ් උර් රෙහ්මාන් 24/2, රශීඩ් ඛාන් 31/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest