slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2022
විරාට් කෝලි වැන්නකු වීමට වෙර දරන තරගාවලියේ වීරයා – නිශාන් මදුශ්ක

sinhala editor

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිව ආදර්ශයට ගනිමින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතම පිතිකරුවකුවීම තම අපේක්ෂාව යැයි මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක සඳහන් කර සිටියි.

සති 13 ක කාලයක දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බව පවසන නිශාන් මධුෂ්ක තරුණ දක්ෂ ක්‍රීඩකයනට තම කුසලතා පෙන්වා ජාතික සංචිතයන්ට තම කුසලතා පෙන්වා ජාතික සංචිතයන්ට ඇතුලුවීමට මෙමගින් අවස්ථාව උදාවන්නේ යැයි ද සඳහන් කර සිටියේය.  මේ තරගාවලියේ ප්‍රථම තරග හය තුළ ලකුණු දහස ඉක්මවීමට තමාට අවස්ථාව උදාවීම පිළිබඳව පෞද්ගලිකව සතුටුවන්නේ යැයිද ඔහු කියයි.

ගෝල් කණ්ඩායම සමග ඉනිම දෙකේ දී ලකුණු 150 සහ ශතකයක් ද, සෙබස්ටිනයිට්ස් සමග ත්‍රිත්ව ශතකයක් ද, පොලීසිය සමග ශතකයක් ද බී. ආර්. සී. සමග ශතකයක් සමග තරග හයක දී ලකුණු දහස ඉක්මවීමේ ප්‍රථම පිතිකරුවීමට නිශාන් මධුෂ්ක මෙහිදී සමත්විණි.  මේ තරගාවලිය පුරාම මොහු ලකුණු 1229 ක් රැස් කළ අතර ඉන් තරග තුනක්ම වර්ෂාව මත නොපැවැත්විණි.

“මේ තරගාවලිය පුරාම පන්දුවට පහරදීමට අපට ලැබුණු තණතිලි උසස්ම මට්ටමක පැවැතුණා.  ඒ වගේම තරග විනිශ්චයක් පැවතුනේ උසස් මට්ටමකයි.  ප්‍රබලම ක්‍රීඩකයන් සියල්ල ම සහභාගි වූ මෙවැනි තරගාවලියක තරගයේ වීරයාවීමට ලැබීම සතුටට කරුණක් යැයි” නිශාන් මධුෂ්ක පවසයි.

කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ආකාරය පිළිබඳ සිහිපත් කරමින් අදහස් පළ කළ නිශාන් මධුෂ්ක වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේය. “මගේ පියා නිරෝෂන් ප්‍රනාන්දු ව්‍යාපාරිකයෙකි.  මව නදීකා දමයන්ති ගෘහනියකි.  මා කුඩා කළ සිට අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ මොරටුමුල්ල මහා විදුහලෙනුයි. දෙමාපියන් කුඩා කළ සිටම මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට උනන්දු කර පුහුණුවීම්වලටත් යොමු කළා.  ප්‍රසන්න දිසානායක මොරටුමුල්ල විදුහලේ දී මා හට තාක්ෂණය සහ නිවැරිදිව පන්දුවට පහරදීමේ ගුරුහරුකම් ලබාදුන්නා.  මා පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුවකු වන විට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමටත් මට අවස්ථාව උදාවූවා”.

පාසල් අවධියෙන් පසුව තමාගේ දක්ෂතා වැඩි දියුණු වූයේ රාගම ක්‍රීඩා සමාජයට බැඳී තාමර අබේරත්න සහ අෂාන් ද සිල්වා පුහුණුකරුවන්ගේ මගපෙන්වීම මත යැයි පවසන පවසන තරාවලියේ වීරයා ක්‍රිකට් වාරයෙන් වාරයට කුසලතා වර්ධනය කරගැනීම තම ඒකානය බලාපොරොත්තුව යැයිද සඳහන් කර සිටියේය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිවැනි පිතිකරුවකු වී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර පිතිකරුවකු වීම තම අපේක්ෂාව යැයි පවසන නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකාවේ තමාගේ ප්‍රියතම පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස් යැයි ද කියයි. දකුණතින් පිත්ත හසුරුවන කණ්ඩාමේ කඩුලු රකින්නකු  ද වන 23 හැවිරිදි නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකා 19න් පහළ, එමර්ජින් (නැගී එන) ශ්‍රී ලංකා ‘ඒ’ සහ ශ්‍රී ලංකා සුපිරි පළාත් දඹුල්ල කණ්ඩායම ද නියෝජනය කර ඇත.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee