slc
Home   |    News
නොවැම්බර් 25, 2022
වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟින් ශ්‍රී ලංකාව පිටියට එයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් බවට පත් වුවත්, පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (25 දා) පැවැත්වෙන පළමු තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දුවට පහර දීමට තීරණය කර සිටියේය.

තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ මුලින් පන්දුවට පහර දීම, තරගයේ ජයග්‍රහණයට හිතකර සාධකයක් බවයි. එහෙත් ශ්‍රී ලංකා නායකයාට කාසියේ වාසිය හිමිකර ගැනීමට නොහැකි විය.  

තරගයට පෙර තණතීරුවේ වාර්තාව ගෙන ආ ප්‍රවීන විස්තර විචාරක රසල් ආනල්ඩ් පවා සදහන් කර සිටියේ පළමුව පන්දුවට පහර දී හැකිතරම් ලකුනු පුවරුව තර කරන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩ ඉඩක් විවර වන බවයි.

පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන ‌තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දෙරට අතර තරග ඉතිහාසයේ පළමු ද්වී පාර්ශ්වික තරගාවලිය ලෙසින් ඉතිහාස ගත වේ.

මෙම තරගාවලට පෙර ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු 62 ක් ලබා 10 වැනි ස්ථානයේ සිට තරග වදිද්දී ඇෆ්ගනිස්තාන පිල ප්‍රසාද ලකුනු 100 ක් සමඟින් 7 වැනි ස්ථානයේ රැදී සිටියි.

ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණව වීමට තීරණය කිරීම නිසා අවසන් වතාවට ශ්‍රී ලංකාවේ පැවැති ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණු දුනිත් වෙල්ලාලගේට ස්ථානය අහිමිව තිබේ. ළහිරු කුමාර, කසුන් රාජිත සහ ධනංජය ලක්ෂාන් වේග පන්දුවෙන් සවිමත් කරද්දී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දග පන්දු යවන්නන් ලෙස කටයුතු කරති. හිරු කුමාර‌ එක්දින තරගයකට ක්‍රීඩා කරන්නේ වසර 3 ක පමණ කාලයකින් පසුව වීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. දිනේෂ් චන්දිමාල්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිදු හසරංග, 8. ධනංජය ලක්ෂාන්, 9. මහීෂ් තීක්ෂණ, 10. ළහිරු කුමාර, 11. කසුන් රාජිත.

ඇෆ්ගනිස්තානය – 1. රාමනුල්ලා ගුර්බාස්, 2. ඊබ්‍රහිම් සද්‍රාන්, 3. රහමට් ෂා, 4. හෂ්මතුල්ලා ශහිදි (නායක), 5. නජිබල්ලා සද්‍රාන්, 6. මොහොමඩ් නබි, 7. ගුල්බදින් නයිබ්, 8. රශීඩ් ඛාන්, 9. මුජීබ් උර් රෙහ්මාන්, 10. ෆසාලහක් ෆරූකි, 11. යමින් අහමද්සායි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest