slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2022
ශ්‍රී ලංකාවට අතේ තිබූ ජයග්‍රහණයට වැස්ස හරස් වෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පල්ලකැලේ අද පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 229 ක පහසු ඉලක්කයක් ලබා ගත්තද අනපේක්ෂිත ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පහසුවෙන්ම ජය ගැනීමට තිබූ තරගය අතර මඟ නවතා දැමීමට විනිසුරුවන්ට සිදුවිය. සුපර් ලීග් තරගාවලිය යටතේ පළමු කණ්ඩායම් 8 අතරට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය අත්‍යවශ්‍ය වුවද අයහපත් ආලෝකය ඒ සියලු බලාපොරොතේතු වතුර පා කර හැරියහ.  මෙම තරගය ප්‍රතිඵල රහිත වීම නිසා දෙපිළටම ප්‍රසාද ලකුණු 5 බැගින් හිමිවිය.

පන්දු 300 කදී ලකුණු 229 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දුන්නේ පන්දුවාර 2 කුත් පන්දු 4 ක් පමණි. සිහින් මඳ වැසි තත්ත්වයක් මත තරගය තාවකාලිකව නතර කෙරුණද දිගින් දිගටම වර්ෂාවේ පතිත වීම වේගවත් වීම නිසා ප.ව. 9.00 ට තරගය අත හැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ. ඒ වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කිසිවකු නොදැවී ලකුණු 10 ක් ලෙසින් සටහන්ව තිබිණ.

ඒ අතරතුර කාලයේදී වර්ෂාව නැවතුණු අතර වසා තිබූ වැසි ආවරණ යළි ඉවත් කිරීමට ක්‍රීඩාංගණ සේවක පිරිස කටයුතු කළහ. එහෙත් ප.ව. 8.50 ට පමණ යළිත් වර්ෂාව ඇද හැලීම නිසා තරගය තවදුරටත් ඉදිරියට රැගෙන යෑම පසෙක තබා අත්හිටුවීමට පියවර ගනු ලැබීය.

පළමු තරගයෙන් ලකුණු 60 ක ලද අනපේක්ෂිත පරාජය නිසා තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීමට ශ්‍රී ලංකාවට අද තරගයේ ජය තීරණාත්මක විය. මෙම තරගය ප්‍රතිඵල රහිත වීම නිසා ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය ජය ගත්තද ඇෆ්ගනිස්තානුවන්ව තරගාවලි පරාජයකට ඇද දැමීමට ශ්‍රී ලංකා පිලට තිබූ අවස්ථාවද අහිමිවිය.

මෙම තරගයේ ලද ලකුණු 5 ත් සමඟ සුපර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 67 දක්වා ඉළළ යද්දී ඇෆ්ගනිස්තානු පිල ප්‍රසාද ලකුණු 115 ක් ලබා සිටියි. මෙම තත්ත්වය මත අවසන් කණ්ඩායමට 8 ට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු යම් දුරටකට හෝ රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයත් නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරග 3 ත් ජය ගැනීම අනිවාර්යය තත්ත්වයකට පත්ව තිබේ.

කසුන් රජිත ලකුණ 31 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් එක්දින තරග දිවියේ හොදම පන්දු යැවීමට හිමිකම් කියද්දී දඟ පන්දු යවන්නන් තිදෙනා අතර කඩුලු 4 ක් බෙදී යෑම නිසා ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 48.2 කදී සීමා විය.  

ශ්‍රී ලංකා නායක අද තරගයේදීත් කාසියේ වාසිය අහිමි කරගත් නමුත් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ඇෆ්ගනිස්තානු ඉනිම අවම මට්ටමකට නවතාලීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. පළමු තරගය පැවැති තනතීරුවට වඩා මන්දගාමී වුණු පල්ලකැලේ තණතීරුවේදී ඇෆ්ගනිස්තානු රාමනුල්ලා ගුරර්බාස් සහ රහමත් ෂා ඉතා හොඳින් පන්දුවට පහර දීමට සමත් වුවත්, ඉනිමේ පළමු භාගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔවුන්ව අසීරුතාවයට පත් කළෝය. පළමු පන්දුවාර 25 අවසන් වන විට ඇෆ්ගනිස්තාන් ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 135 ක් වශයෙන් ප්‍රබල තැනක පසුවිය. ඒ වෙනුවෙන් යළිත් සාර්ථක වුණු ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුර්බාස් හයේ  පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 73 කදී ලකුණු 68 ක්ද රහමට් ෂා පන්දු 78 කදී ලකුණු 58 ක්ද ලබා ගත්හ.

25 වැනි පන්දුවාරයේ සිට 30 වැනි පන්දුවාරය දක්වා වූ කාල සීමාවේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ධනංජය ද සිල්වා ලකුණු 18 කට පිතිකරුවන් නතර කර ගත්තා පමණක් නොව අර්ධ ශතක ලාභීන් දෙදෙනාවද දවා ගැනීමට සමත්විය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය නිසා පහසුවෙන්ම ලකුණු 250 සීමාව ඉක්මවා ලීමට ඇෆ්ගනිස්තානු පිලට හැකියාවක් තිබුණත් ඒ සියල්ල ධනංජය සහ තීක්ෂණගේ දක්ෂතාවත් සමග යටපත්විය.

පසුපෙළින් පැමිණි මොහොමඩ් නබී හයේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමගින් පන්දු 34 කදී ලකුණු 41 ක් රැස් කරමින් පසු පෙළ ශක්තිමත් කළේය. ඔහුගේ එම ඉනිම නොවන්නට ඇෆ්ගනිස්තානු ඉනිම ලකුනු 200 ට අඩුවෙන් නිමාවට පත් වනු ඇත. දිනයේ කැපී පෙනෙනම පන්දු යවන්නා වුණු කසුන් රජිත පන්දුවාර 9 කදී ලකුණු 31 කට කඩුලු 3 ක් ලෙසින් පන්දු යැවීම අවසන් කරන විට ඇෆ්ගනිස්තානු ඉනිම පන්දු 10 ක් ඉතිරිව තිබියදී නිමාවට  පත්විය.

නව පන්දුවෙන්ම මෙන්ම පැරණි පන්දුවෙන්ද රාජිත කැපී පෙ‌ණින. පළමු පන්දුවාර ලකුණකට සීමා කරද්දී පළමු පන්දුවාර 5 දී ලකුණු 10 ක් පමණක් ලබා දුන්නේය. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්ද 54 දී ප්‍රතිවාදී පිතිකරුවන්ට පන්දුව හතරේ සීමාව වෙත යැවීමට අවස්ථාව සලසා දී තිබුණේ 2 කදී පමනි. මොහොමඩ් නබී කසුන්ගේ අවසන් ගොදුර බවට පත් වද්දී ඊට පෙර රශීඩ් ඛාන් සහ මුජීබ් උර් ‌රහමාන්ගේ කඩුලු දවා ගැනීමට කසුන් සමත් වූවේය. ඇෆ්ගනිස්තානු අවසන් කඩුලු 9 ම ලකුණු 93 කදී බිඳ වැටුණු අතර එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්ද, ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්හ. අද තරගයේදීත් ධනංජය ලක්ෂාන්ට කඩුලු ලබා ගැනීමට නොහැකි වූ අතර ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 3 දී ලකුණු 21 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් පිතිකරුවන් සමත්වූහ. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන් නායක හෂ්මතුල්ලා ෂයිඩිව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කිරීම විශිෂ්ඨ මට්ටමක පැවැතිණ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee