slc
logo
Home   |    News
නොවැම්බර් 5, 2022
ශ්‍රී ලංකාව පරදා එංගලන්තය අවසන් පූර්ව වටයට

sinhala editor

අවසන් කණ්ඩායම් 4 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා ජයග්‍රහණය අතිශය තීරනාත්මක වුණු සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ තරග වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය අද (11 දා) ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ සමඟම මෙවර තරගාවලියේ සත්කාරක රට බවට පත් වුණු ඔස්ට්‍රේලියානු පිලද ශ්‍රී ලංකාව මෙන්ම සිය ලෝක කුසලාන ගමන සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයෙන් හමාර විය. ශ්‍රී ලංකා පිල අද තරගය පරාජයට පත් වූයේ පිට පිටම 8 වැනි වතාවට වීම කැපී පෙනෙයි.

සිඩ්නිහි පැවැති මෙම තරගයේදී ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ කිසිදු කලබලයකින් තොරව ඉලක්කය සපුරා ගත්තේ පන්දු 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. ක්‍රිස් වෝක්ස් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ එංගලන්ත පිලේ ජය සනාථ වූයේ පළමු කාණ්ඩය යටතේ නවසීලන්තය සමඟ අවසන් පූර්ව සටනට සුදුසුකම් ලබමිනි. සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ තරග වටය යටතේ නවසීලන්තය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියානු යන කණ්ඩායම් සියල්ලම ප්‍රසාද ලකුණු 7 බැගින් ලබා සිටියද ශුද්ධ ලකුණු වේගය අවම මට්ටමක පැවැතීම හේතුවෙන් (-0.173) ඔස්ට්‍රේලියානු පිලට ඉදිරියට යෑම අහිමි විය.

ඉලක්කය පහසු වූ බැවින් පළමු පන්දුවාරයේදී වැඩි කලබලයක් නොපෙන්වූ ඇ‌ලෙක්ස් හේල්ස් සහ ජොස් බට්ලර් ලකුණු 03 කින් සෑහීමකට පත් වුවත් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන් වන විට ලකුනු 67 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දැමීමට ඔවුහු සමත්වූහ.

ඒ අතර තුර විතීවී අවස්ථාවක් ලබා ගත්තද එය ශ්‍රී ලංකාවේ අවාසියට හිටියෙය්ය. කෙසේ වෙතත් එම පන්දුවාර 6 අවසන් වත්ම යළි එංගලන්ත පිතිකරුවන්ව සිය සන්තකයට ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම කැපී පෙනුණි. එයට මූලික හේතු වූයේ ඇලෙක්ස් හේල්ස් (47) සහ ජොස් බට්ලර් (28( දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමයි. එම දැවී යෑමත් සමඟ ඊළඟ පන්දුවාර 5 දී එංගලන්තයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 28 ක් පමනි.

ප්‍රභල පිතිකරුවන්ගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායමට එරෙහිව කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 24 කට සීමා කළේ කඩුලු 2 ක්ද සිය නම ඉදිරියෙන් සටහන් කරගනිමිනි. චාමිකගේ සුපිරි උඩ පන්දු රැකීමත් සමඟ බට්ලර් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 75 දීය. එතැන් පටන් ලකුනු 111 ක් වන විට තවත් කඩුලු 4 ක් දවා ගැනීමට ධනංජය ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් කිසිදු කලබලයක් නොපෙන්වමින් පන්දුවට පහර දුන් බෙන් ස්ටෝක්ස් එංගලන්ත ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

2014 වසරේදී ජය ගැනීමෙන් පසු මේ වන තෙක්ම විස්සයි-20 තරගයකදී පරාජය කිරීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනිමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් එංගලන්තයට ලබාදීම අරමුණ වුවත් අදිවේගී පන්දුවාර වලදී වෙනදා මෙන් සාර්ථක වීමට අපොහොසත්වීම මෙම තරග පරාජයට මූලික හේතුව විය. ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවූවේ නම් මීට වඩා වෙනස් තරගයක අවසානයක් දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගත් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉතා හොඳින් පන්දුවට පහර දුන් නමුත්, අනවශ්‍ය පහරක් මෙන්ඩිස්ගේ හරහට හිටියේය. ලකුණු 18 දී මෙන්ඩිස් දැවී ගියත් තම අන්තය ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක පන්දු 45 කදී ලකුණු 67 ක් රැස් කරගත්තේය. හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කළ දකුණත් ආරම්භක පිතිකරුවා අදිල් රශීඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගීයේය. තම පන්දුවාර 4 ලකුණු 16 කදී දවා ගත් රශීඩ්, වටිනාම කඩුල්ල වූ පැතුම්ව දවා ගැනීම නිසා කඩුලු 3 ක් දවා ගත් මාක් වුඩ්ට තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමේ අවස්ථාව අහිමිවිය.

නිස්සංකගේ පිතිකරණ විලාශය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත් වූ නමුත් ඔහුගේ දැවී යෑම, ශ්‍රී ලංකා පිල පවත්වාගෙන ආ වේගයේ අඩුවීමට බෙහෙවින් දායක විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 141 යි – (පැතුම් නිස්සංක 67, කුසල් මෙන්ඩිස් 18, භානුක රාජපක්ෂ 22, මාක් වුඩ් 26/3)

එංගලන්තය පන්දුවාර 19.4 කදී කඩුලු 6 ට ලකුනු 144 යි – (ජොස් බට්ලර් 28, ඇලෙක්ස් හේල්ස් 47, බෙන් ස්ටෝක්ස් නෛාදැවී 42, ළහිරු කුමාර 24/2, වනිඳු හසරංග 23/2, ධනංජය ද සිල්වා 24/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee