slc
Home   |    News
නොවැම්බර් 27, 2022
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානු ඉනිම 228 න් නවතයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

කසුන් රජිත ලකුණ 31 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් එක්දින තරග දිවියේ හොදම පන්දු යැවීමට හිමිකම් කියද්දී දඟ පන්දු යවන්නන් තිදෙනා අතර කඩුලු 4 ක් බෙදී යෑම නිසා ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (27 දා)  හැකියාව ලැබිණ. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 48.2 කදී සීමා විය.

පළමු තරගය පැවැති තනථීරුවට වඩා මන්දගාමී වුණු පල්ලකැලේ තණතීරුවේදී ඇෆ්ගනිස්තානු රාමනුල්ලා ගුරර්බාස් සහ රහමත් ෂා ඉතා හොඳින් පන්දුවට පහර දීමට සමත් වුවත්, ඉනිමේ පළමු භාගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔවුන්ව අසීරුතාවයට පත් කළෝය. පළමු පන්දුවාර 25 අවසන් වන විට ඇෆ්ගනිස්තාන් ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 135 ක් වශයෙන් ප්‍රබල තැනක පසුවිය. ඒ වෙනුවෙන් යළිත් සාර්ථක වුණු ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුර්බාස් හයේ  පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 73 කදී ලකුණු 68 ක්ද රහමට් ෂා පන්දු 78 කදී ලකුණු 58 ක්ද ලබා ගත්හ.

25 වැනි පන්දුවාරයේ සිට 30 වැනි පන්දුවාරය දක්වා වූ කාල සීමාවේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ධනංජය ද සිල්වා ලකුණු 18 කට පිතිකරුවන් නතර කර ගත්තා පමණක් නොව අර්ධ ශතක ලාභීන් දෙදෙනාවද දවා ගැනීමට සමත්විය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය නිසා පහසුවෙන්ම ලකුණු 250 සීමාව ඉක්මවා ලීමට ඇෆ්ගනිස්තානු පිලට හැකියාවක් තිබුණත් ඒ සියල්ල ධනංජය සහ තීක්ෂණගේ දක්ෂතාවත් සමග යටපත්විය.

පසුපෙළින් පැමිණි මොහොමඩ් නබී හයේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමගින් පන්දු 34 කදී ලකුණු 41 ක් රැස් කරමින් පසු පෙළ ශක්තිමත් කළේය. ඔහුගේ එම ඉනිම නොවන්නට ඇෆ්ගනිස්තානු ඉනිම ලකුනු 200 ට අඩුවෙන් නිමාවට පත් වනු ඇත. දිනයේ කැපී පෙනෙනම පන්දු යවන්නා වුණු කසුන් රජිත පන්දුවාර 9 කදී ලකුණු 31 කට කඩුලු 3 ක් ලෙසින් පන්දු යැවීම අවසන් කරන විට ඇෆ්ගනිස්තානු ඉනිම පන්දු 10 ක් ඉතිරිව තිබියදී නිමාවට  පත්විය.

නව පන්දුවෙන්ම මෙන්ම පැරණි පන්දුවෙන්ද රාජිත කැපී පෙ‌ණින. පළමු පන්දුවාර ලකුණකට සීමා කරද්දී පළමු පන්දුවාර 5 දී ලකුණු 10 ක් පමණක් ලබා දුන්නේය. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්ද 54 දී ප්‍රතිවාදී පිතිකරුවන්ට පන්දුව හතරේ සීමාව වෙත යැවීමට අවස්ථාව සලසා දී තිබුණේ 2 කදී පමනි. මොහොමඩ් නබී කසුන්ගේ අවසන් ගොදුර බවට පත් වද්දී ඊට පෙර රශීඩ් ඛාන් සහ මුජීබ් උර් ‌රහමාන්ගේ කඩුලු දවා ගැනීමට කසුන් සමත් වූවේය. ඇෆ්ගනිස්තානු අවසන් කඩුලු 9 ම ලකුණු 93 කදී බිඳ වැටුණු අතර එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්ද, ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්හ. අද තරගයේදීත් ධනංජය ලක්ෂාන්ට කඩුලු ලබා ගැනීමට නොහැකි වූ අතර ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 3 දී ලකුණු 21 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් පිතිකරුවන් සමත්වූහ. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන් නායක හෂ්මතුල්ලා ෂයිඩිව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කිරීම විශිෂ්ඨ මට්ටමක පැවැතිණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest