slc
Home   |    News
නොවැම්බර් 17, 2022
සධීර සමරවික්‍රමගෙන් සුපිරි පිතිහරඹයක්

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ සිව්දින අවසන් මහ  තරගයේ දී ටැමිල් යූනියන් නායක සධීර සමරවික්‍රම විසින් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 188ක් රැස්කිරීම මත ප්‍රථම දින තරගය නිමාවන විට සී. සී. සී. පිලට එරෙහිව කඩුලු 5කට ලකුණු 356ක් රැස් කර කරමින් ප්‍රබල තත්ත්වයක පැමිණීමට සමත්විය.

ඉනිම ආරම්භ කළ සධීර සමරවික්‍රම සිය ලකුණු 188 සඳහා පන්දු 243 කට මුහුණ දුන්නේ ඉන් 18 ක් හතරේ පහර සහ එ’ක් පහරක් හයේ පහර බවට පරිවර්තනය කර ගනිමිනි. සධීර සිය ශතකය මුහුණ දුන් 147 වැනි පන්දුවේදී සපුරා ගනිද්දී 150 වැනි ලකුණ මුහුණ දුන් 209 වැනි පන්දුවේදී රැස් කර ගැනීමට සමත්වූවේය.

ටැමිල් යූනියන් ඉනිම ගොඩ නැගීමට සධීරට නොමද සහයක් දුන් අනෙක් ආරම්භක පිතිකරු නවෝද් පරනවිතාන සමග මුල් විකට්ටුවට ලකුණු 103ක් ද රොන් චන්ද්‍රගුප්ත (48) සමග දෙවන කඩුල්ලට ලකුණු 130ක් ද කමේෂ් නිර්මාල් සමග තෙවන කඩුල්ලට ලකුණු 48ක් ද එක් කළහ.

ආරම්භක පන්දුවාරයේ සිට අසූදෙවැනි පන්දුවාරය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටීම කැපී පෙනුණි.

ටැමිල් යූනියන් කණ්ඩායම අද දිනයේ දී දිවා ආහාරය වන විට කඩුල්ලක් දැවී ලකුණු 110ක් ද (පන්දුවාර 26යි) සවස තේ පානය වන විට ද කඩුල්ලක් පමණක් දැවී ලකුණු 228ක් ද (පන්දුවාර 54යි) රැස් කරමින් පසු වූයේ ප්‍රබලම තත්ත්වයකය.

උදෑසන කාසියේ වාසිය උරගා බැලීමේ දී එහි වාසිය අත්කරගත් නායක සධීර සමරවික්‍රම තීරණය කලේ පිතිකරුවනට වාසිදායක වූ මේ තණතිල්ලේ මුලින් ම පන්දුවට පහර දීමට ය.

නායකයා ගත් තීරණය නිවැරදි බව සනාථ වූයේ මුල් කඩුල්ලට ම ආරම්භක පිතිකරුවන් දෙදෙනා සධීර සමරවික්‍රම සහ නවෝද්‍ය පරනවිතාන පන්දුවාර 24.4ක් තුළ දී (පන්දු 148ක දී) ලකුණු 103ක් රැස් කිරීමෙනි.  දිවා ආහාරයට පන්දු අටක් පමණක් ඉතිරිව තිබිය දී ටැමිල් යූනියන් කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල බිඳ වැටුණේ නවෝද් පරනවිතාන වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට මිඩ් ඕන්හි පන්දු රකිමින් සිටි නිමේෂ ගුණසිංහට උඩ පන්දුවක දී ලකුණු 54ක ට දැවී යාමෙනි.

දිවා ආහාරයට තරගය නතර කරන අවස්ථාවේ සධීර නොදැවී ලකුණු 45ක් ද අංක තුන පිතිකරු රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලකුණු හයක් ද ලබා සිටියහ.  දිවා ආහාරයෙන් පසුව සවස තේ විවේකය තෙක් මේ පිතිකරුවන් දෙදෙනා නොදැවී තවත් ලකුණු 125ක් එක් කළේ පන්දුවාර 29.2ක් තුළ දීය.

තේ පානයෙන් පසු දෙවන පන්දුවාරය යැවූ මාලින්ද පුෂ්පකුමාර එම පන්දුවාරයේ අවසාන පන්දුවේදී රොන් චන්ද්‍රගුප්ත ලකුණු 48 කට දවාලුවේ මුළු ලකුණු 233 දී කමිඳු මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ටැමිල් යුනියන් පළමු ඉනිම කඩුලු 5ට ලකුණු 356 යි – (සධීර සමරවික්‍රම 188, නවෝද්‍ය පරනවිතාන 54, රොන් චන්ද්‍රගුප්ත 48, කමේෂ් නිර්මාල් 16, සංතූෂ් ගුණතිලක 15, රවීන් ප්‍රනාන්දු නොදැවී 14, ලක්ෂාන් සඳකැන් 47/2, විශ්ව ප්‍රනාන්දු 77/2, මාලින්ද පුෂ්පකුමාර 91/1)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest