slc
Home   |    News
නොවැම්බර් 19, 2022
සිංහ – ඇෆ්ගන් ක්‍රිකට් ගැටුමේ ‘ටිකට්’ ගන්න පුලුවන් තැන් මෙන්න

sinhala editor

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර නිකුත් කරන දින සහ ස්ථාන මොනවාද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර සිටියි.

පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියට අයත් මෙම තරගාවලියේ සියලුම තරග මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙම මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත දෙරට අතර එක්දින තරගාවලියේ ප්‍රවේශ පත1 මේ මස 22 වැනිදා සිට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

ඒ අනුව එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා තිබෙන ප්‍රවේශ පත1 කවුලුවෙන් පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කාලයේදී මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත. ඊට අමතරව පල්ලකැලේ ක්‍රීඩාංගණයේද එම ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන අතර එහිදී තරග පැවැත්වෙන දිනයන්හිදී හැර සෙසු දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාංගණයේ ඉදිරිපසදී අලෙවි වන අතර තරග පැවැත්‌වෙන දිනයන්හිදී පමණක් බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දී තිබේ.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest