slc
Home   |    News
නොවැම්බර් 16, 2022
සුපිරි සිව්දෙනාගේ සමාරම්භයේදී ‘ග්‍රේස්ට’ දැවැන්ත ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පවත්වනු ලබන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය ආරම්භ කරමින් අද (16 දා) පැවැති තරගයේදී බ්ලූස් පිලට එරෙහිව ලකුණු 124 ක දැවැන්ත තරග ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය.

සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුතු බ්ලූස් කණ්ඩායම කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ග්‍රේස් පිලට ලබා දුන් අතර එහිදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 201 ක් ලබා ගැනීමට ඔවුහු සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ඉනෝෂි ප්‍රනාන්දු සහ ඉනෝකා රණවීර කඩුලු 3 බැගින් දවා ලමින් බ්ලූස් ඉනිම විනාශ කර දැමීමට සමත්වූහ. එම දක්ෂ පන්දු යැවීම් හේතුවෙන් බ්ලූස් ඉනිම පන්දුවාර 36.3 කදී ලකුණු 77 කට සීමා විය.

ග්‍රේස් පිල වෙනුවෙන් අංක 4 පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිසි හංසිමා කරුණාරත්න ලකුනු 36 ක් ලබා ගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වද්දී සෑම කඩුල්ලකටම සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට හැකිවීම නිසා ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ග්‍රේස් ලකුනු සංඛ්‍යාව රැගෙන යෑමට අවස්ථාව උදාවිය. ඇයට අමතරව කඩුලු රකිණ්නිය වන කෞෂානි නුත්‍යාංගනා ලකුණු 35 ක් ලබා ගැනීමට සමත්වූාය.

ග්‍රේස් පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 201 යි – (හංසිමා කරුණාරත්න 36, කෞෂානි නුත්‍යාංගනා 35, නිලක්ෂණා සඳමිනී 34, තරුෂි රාජකරුණා 31/2, සත්‍යා සංදීපන් 39/2, හෂිනි ලියනගේ 51/2)

බ්ලූස් පන්දුවාර 36.3 කදී සියලු දෙනා දැවී ලකුණු 77 යි – (සතයා සංදීපනී 25, ඉනෝෂි ප්‍රනාන්දු 13/3, ඉනෝකා රණවීර 17/3)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest