ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන තුනදින මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ පැවැත්වෙන තරග අතුරින් මුවර්ස් කණ්ඩායමේ සොහාන් ද ලිවේරා (ලකුණු 125) සහ එන්.සී.සී නායක ළහිරු උදාර (නොදැවී 100) සෙනසුරාදා (5) ශතක ලබාගැනීමට සමත්වුහ .
සොහාන් ද ලිවේරා සෙබස්ටියනයිට්ස් සමග පන්දු 179 කට මුහුණ දී හතරේ 11ක් හයේ දෙකක් සමග ලකුණු 125 ක්ද ළහිරු උදාර ඒස් කැපිටල් සමග පන්දු 95කදී හතරේ 11 හයේ දෙකක් සමග නොදැවී ලකුණු 100 ක්ද රැස් කළහ. පන්දු යවන්නන් අතුරින් මෙදින ගුවන් හමුදාවේ මුවින් සුබසිංහ යුද හමුදාව සමග ලකුණු 78 කට කඩුලු 5ක්ද සී.සී.සී කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර පොලීසිය සමග ලකුණු 52 කට කඩුලු පහක්ද ලන්කන් කණ්ඩායමේ මිරංග වික්‍රමගේ කැන්ඩිකස්ටම් කණ්ඩායම සමග ලකුණු 65කට කඩුලු හතක්ද දවාලමින් කැපී පෙනුණි.
මෙදින තරග රැසකටම වර්ෂාවෙන් බාධා ඇතිවිණි .කුරුණෑගල යුත් – බී.ආර්.සී තරගයත් ටැමිල් යුනියන් සහ පානදුර අතර තරගයත් සම්පුර්ණයෙන්ම නොපවැත්විණි.
සෙබස්ටියනයිට්ස් – මුවර්ස්
සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 197 – (තරුෂ ප්‍රනාන්දු 44 ලොහාන් ද සොයිසා 39 සදුන් ප්‍රනාන්දු 36 චාමික එදිරිසිංහ නොදැවී 26 රමේෂ් මෙන්ඩිස් 62/5 තිලංග උදේශාන් 35/3
මුවර්ස් මුල් ඉනිම කඩුලු 6 ට 325යි ( පන්දුවාර 87යි) – සොහාන් ද ලිවේරා 125 පසිදු සුරියබණ්ඩාරපන්දු 62 රමේෂ් මෙන්ඩිස් 49අයන් සිරිවර්ධන නොදැවී 36 තරිදු රත්නායක 127/3)
- සරසන්ස් – නාවික හමුදාව
සරසන්ස් මුල් ඉනිම සියල්ල දැවී 278 ( පන්දුවාර 103.5) (නවිදු විතානගේ 86 හසේන් රාමනායක 55 මිලින්ද සිරිවර්ධන 48 ප්‍රමුද් මධුවත්ත 45 යුරාන් නිමාෂ 90/4 නවින් කවිකාර 86/3විනෝද් පෙරේරා 34/3)
නාවික හමුදාව මුල් ඉනිම කඩුලු 4ට 152 ( පන්දුවාර 51යි ) – විනෝද් පෙරේරා නොදැවී 61 මාලිංග මාලිගස්පෙ 52 දුෂාන් විමුක්ති 54/4)
- නිගම්බු – නුගේගොඩ
නිගම්බු මුල් ඉනිම සියල්ල දැවී 284 ( පන්දුවාර 94.4යි) (ජේටින් සක්සේනා 97 පසිදු ලක්ෂාන් 64 උමේෂ් ලක්ෂාන් 32 ඇන්ජ්ලෝ ජයසිංහ 20 රනිත ලියනආරච්චි 39/3 කරන් කයිලා 57/2 අරවින්ද ප්‍රේමරත්න 31/2)
නුගේගොඩ මුල් ඉනිම කිසිවෙකු නොදැවී 56 (පන්දුවාර 18යි) අභිෂේක් ලියනආරච්චි නොදැවී 46
- එන්.සී.සී.- ඒස් කැපිටල්
එන්.සී.සී මුල් ඉනිම 183 – ( සහන් ආරච්චිගේ 67 අහන් වික්‍රමසිංහ 34 කවින් බණ්ඩාර 32 රොෂාන් ජයතිලක 21/5 වනුජ සහන් 39/3)
ඒස්කැපිටල් මුල් ඉනිම 151 ( පන්දුවාර 46.4යි ) – (හර්ෂ කුරේ 34 ප්‍රමුද් හෙට්ටිවත්ත 31 ලසිත් කෘස්පුල්ලේ 30 ලසිත් ඇඹුල්දෙණිය 31/3 අම්සි ද සිල්වා 20/3 දිල්ෂාන් නිපුනජිත් 43/3)
එන්.සී.සී දෙවන ඉනිම කඩුලු 1ට 198 – (ළහිරු උදාර නොදැවී 100 කවිකාර බණ්ඩාර 56 සදුන් වීරක්කොඩි නොදැවී 38 හර්ෂ කුරේ 33/1)
- ගුවන් හමුදාව – යුදහමුදාව
ගුවන් හමුදාව මුල් ඉනිම 204 -(සුපේසල ජයතිලක 48 කසුන් ඒකනායක 33 මුවින් සුබසිංහ 24 සීක්කුගේ ප්‍රසන්න 71/6 සුමින්ද ලක්ෂාන් 41/2)
යුදහමුදාව මුල් ඉනිම 309යි (පන්දුවාර 92.2) – අසේල ගුනරත්න 72 හිමාෂ ලියනගේ 54 මහේෂ් කුමාර 52 සුමිද ලක්ෂාන් 44 අෂාන් රන්දික 25 මුවින් සුබසිංහ 78/5 ගයාන් සිරිසෝම 81/2
ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 3ට 28 ( පන්දුවාර 12යි) කෙමිර විජේනායක නොදැවී 11 සීක්කුගේ ප්‍රසන්න 9/2)
- බ්ලුම්ෆීල්ඩ් – බදුරලිය
බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම කඩුලු 9ට 400( පන්දුවාර 116.3යි) – (යොහාන් ද සිල්වා 111, මදුක ලියනපතිරනගේ නොදැවී 56 ගජිත කොටුවේගොඩ 42 හස්නේන් බොකාරි 40 ලහිරු මධුශංඛ 32 චරිත කුමාරසිංහ 31 නිර්මල රත්නායක 60/2 බුද්ධික සංජීව 66/2 චලන ද සිල්වා 110/2)
බදුරලිය මුල් ඉනිම කිසිවෙකු නොදැවී 31( පන්දුවාර 6 යි) (මළිදු මදුරංග නොදැවී 23)
- සී.සී.සී – පොලිසිය
සී.සී.සී මුල් ඉනිම 191 යි – ( චමිදු විජේසිංහ 68 පවන් පතිරාජ51 සොනාල් දිනුෂ 24 නලින් ප්‍රියදර්ශන 71/6 මංජු ජයවර්ධන 29/4)
පොලීසිය මුල් ඉනිම 116( පන්දුවාර 38.5යි) ( නදීර බාලසුරිය 25 නිපුන කාරියවසම් 23 මදුරංග සොයිසා 19 මලින්ද පුෂ්පකුමාර 53/5 ලක්ෂාන් සදකැන් 17/3)
සී.සී.සී දෙවන ඉනිම කඩුලු 5 ට 224( පන්දුවාර 57යි) – පවන් පතිරාජ 71 චමිදු විජේසිංහ නොදැවී 64 විනෝද් භානුක 31 නිමේෂ් ගුණසිංහ 25 චතුර රන්දුනු 68/3
- ලන්කන් – කැන්ඩි කස්ටම්
ලන්කන් මුල් ඉනිම 210 (පන්දුවාර 89යි ) -( ඊස්වරදිසානායක 85 ප්‍රසන්සන ජයමාන්ත 45 ගීත් කුමාර 37 සචිත්‍ර පෙරේරා 61/5 සහන් අදීෂ 30/2යි)
කැන්ඩිකස්ටම් මුල් ඉනිම කඩුලු 9ට 236යි (පන්දුවාර 64.1 ) දේව්සිං 66 මිතුන් ජයවික්‍රම 63 චානක විජේසිංහ නොදැවී 42 ඉමේෂ් උදයංග 22 මිරංග වික්‍රමගේ 65/7
- එස්.එස්.සී – ගෝල්
එස්.එස්.සී මුල් ඉනිම කඩුලු 4ට 247යි ( පන්දුවාර 71යි) -(නුවනිදු ප්‍රනාන්දු 67 ක්‍රිෂාන් සංජුල 63නිපුන් ධනංජය 60 ෂවෝන් ඩැනියල් නොදැවී 23 කවිදු එදිරිවීර 17/2)
- කලුතර නගර – කෝල්ට්ස්
කලුතර නගර මුල් ඉනිම කඩුලු 4ට 50 ( පන්දුවාර 22.5යි) නිපුන ගමගේ 17 තරිදු සිරිවර්ධන 17 අකිල ධනංජය 28/3)