slc
logo
Home   |    News
නොවැම්බර් 18, 2022
LPL තෙවැන්නෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දෙකහමාරක්

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය අතරින් ජාත්‍යන්තර තරු පිරිවරා ගෙන පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවරත් ලබන දෙසැම්බර් මස 06 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙරට ක්‍රීඩාංණ 3 ක් කේන්ද්‍ර ගත කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය අවසානයේ ඩොලර් මිලියන දෙකහමාරක පමණ ආදායමක් ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

තරගාවලිය දියත් කිරීම සම්බනන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා, මූල්‍ය වාසියට අමතරව තරුණ හා නැගී එන මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමේ මහඟු අවස්ථාව ද හිමි වන බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“අපි දන්නවා අවුරුදු දෙකක් පළවැනි රට විශේෂයේම කොවිඩඩ් හමුවේ තරගාවලියක් පැවැත්වූ පළමු රට කියලා ශ්‍රී ලංකාව හඳුන්වන්න පුලුවන්. ඒ ලබාගත් අත්දැකීම් සහ අසාර්ථක්තවය මත අපිට පුලුවන් වුණා දෙවැනි තරගාවලියත් සාර්ථකව පවසා අවසන් කර ගැනීමට. මේ අවුරුද්දෙත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඊටත් වඩා හොඳින් මේ තරගාවලිය අපිට පවත්වන්නට හැකිවේවි කියලා” යැයි ලේකම්වරයා සිය පළමු අදහස් දැක්වීමේදී සදහන් කර සිටියේය.

“පළවැනි වසරේ අපි ඩොලර් මිලියන 1.925 ක් තමයි ලබා ගත්තේ. දෙවැනි වසරේදීත් ඒ ප්‍රමාණයමයි.  දැන් මේ වසරේ 11% ක විතර වැඩි වීමක් තියෙනවා. ඒ කියන්නේ මිලියන 2.1 ක් විතර වෙනවා අපිට තරගාවලියේ හිමිකාරීත්වයෙන්. ඊට අමතරව ක්‍රීඩාංගණ සහ මාධ්‍ය අංශයෙන් අපිට තවත් ආදායමෙන් ප්‍රතිශතයක් ලැ‌බීමට නියමිතයි” යනුවෙන් ආදායම් ඉපයීම පිළිබඳව සදහන් කර සිටියේය.

පසුගිය තරගාවලි 2 කට සාපේක්ෂව ගත් විට මෙවර තරගාවලියේ ඇති තවත් සුවිශේෂීතාව වන්නේ ක්‍රීඩාංගණ 3 ක තරගාවලිය පැවැත්වීම වේ. හම්බන්තොට ඇරඹෙන තෙවැනි අදියර තරග 9 කට පසු මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත යන අතර අනතුරුව අවසන් අදියයේ පැවැත්වෙන තරග 10 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

“එල්.පී.එල් තරගාවලිය කොළඹ විතරක් ගහන්නේ නැතුව හැම පළාතකටම අරගෙන යන එක තමයි අපේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ” යැයි තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

එල්.පී.එල්. තරගාවලියේ තවදුරටත් ලොව තුළ ප්‍රචාරණය කිරීම අරමුණු කොට ගෙන ලෝක ක්‍රිකට් පිටියේ අග්‍රගන්‍ය ක්‍රීඩකයින් තිදෙනෙකු වන හිටපු කොදෙව් ක්‍රීඩක විවියන් රිචර්ඩ්ස්, පාකිස්තානු පිලේ වසීම් අක්‍රම් සහ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය තරගාවලියේ තානාපතිවරුන් ලෙස සම්බන්ධ කර ගැනීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබේ. තරගාවලියට වැඩි වටිනාකමක් එක් කිරීමේ අපේක්ෂාවෙන් මොවුන් තිදෙනාව එක් කර ගැනීමට කටයුතු කළ බවද තරගාවලි අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය.

මීට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූයේ යැයි කියන සිදුවීම් සම්බන්ධවද මෙහිදී මාධ්‍ය විසින් ප්‍රශ්න කර සිටි අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාද අදහස් දක්වා සිටියේය. පහතින් දැක්වෙන්නේ ඒ සම්බන්ධව දක්වන ලද අදහස් වේ.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් සිදුකරන වියදම්

“අපි ප්‍රාර්ථනා කරපු ආකාරයටම ඒ වැඩකටයුතු සාර්ථක වුණා. අපිට ධනුෂ්කව ඇප ලබා ගැනීමට හැකිවෙලා තියෙනවා. ඒ ගැන ශ්‍රී ලාංකිකයින් හැටියට අපි කවුරුත් සංතෝෂ වෙන්න ඕනෑ. නමුත් උසාවියකින් දුන්න තීන්දු වලට අනුව අපි කටයුතු කළ යුතුයි. ධනුෂ්කට කොහෙවත් යන්න බෑ, තරගාවලිවලටත් යන්න බෑ. නඩු කටයුතු වට පෙනී සිටිය යුතුයි. ඒ ආකාරයට ධනුෂ්ක දිනපතා පොලිසියේ පෙනී සිටින්න ඕන. ඒක දිනපතා කියලා තියෙනවා. ඒක සතිපතා වෙන්න පුලුවන්. නීති රීති දන්නවානේ. සැකකාරයකුට තියෙන නීති රීති ලෝකෙ කොහෙත් එකයි. ඒ අනුව ධනුෂ්කට කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා” යැයි මේ පිළිබඳව කපුවත්ත මහතා සදහන් කර සිටියේය.

මෙහිද වැඩි දුරත් අදහස් දක්වා සිටි උප ලේකම්වරයා, “වියදම් ගැන අපි මුලදිම කියලා තියෙනවා. දැං ඉතිං ධනුෂ්ක මහත්තයා එළියේ ඉන්නකොට එයාටත් පුලුවන් හරියක් කරගන්නත් පුලුවන්. ඊට අමතරව අපි ක්‍රිකට් බෝඩ් එකෙන් නීති පිළිබද කටයුතු කරන නීතිඥ මණ්ඩලයට අපි මුදල් යවලා තියෙනවා. එයාලගේ බිල් එන විදියට අපි ඒ ගෙවීම් කරගෙන යනවා” යනුවෙනි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම

“මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමක් හෝ ඒ ගැන කටයුතු කරන්න ඔ්න ආකාරය පිළිබඳ නියෝගයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඇවිල්ලා නෑ. මාධ්‍යයේ ගියා කිව්වට මට නම් ඒ ගැන දැනුමක් නෑ. අනික ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට ක්‍රීඩා අමාත්‍යාශයේ උපදෙසක් වෙනමම ලැබෙන්නේ නෑ. මං හිතන්නේ ඒක බොරු කතාවක් වෙන්න ඇති. අපිට එහෙම කිසිම දැනුම්දීමක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කරලා නෑ” යැයි කපුවත්ත මහතා සඳහන් කර සිටියේය.

ධනුෂ්ක වෙනුවෙන් කළ වියදම

“දැනට ඩොලර් 40,000 ක් වැනි මුදලක් නීතිඥවරුන්ට යවලා තියෙනවා. එතනත් ශ්‍රී ලාංකිකයින් කට්ටියක් එකතු වෙලා ඉන්නවා. අද කතා කරපු නීතීඥ මහත්තයත් ශ්‍රී ලාංකේය සම්භවයක් තියෙන කෙනෙක්. ඒ හින්දා ඔවුන් ගාව මරන් කන ප්‍රතීපත්තියක් අනුගමනය කරන්නේ නෑ. අපිට පොඩි ගණනකට මේක ඉවර කර ගන්න පුලුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සඳහන් කර සිටියේය.

ධනුෂ්ක ගුණතිලකගේ ඉදිරි කටයුතු

“ධනුෂ්කගේ කටයුත්ත ක්‍රමානුකූලව යනවා. එතුමා එළියට ආපු එකත් ජයග්‍රහණයක්. ඊළඟට නඩුවට මුහුණ දීලා ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කරලා එතනින් ගලවලා ලංකාවට ගෙන්න ගන්න එක තමයි ඇත්තටම අපේ අවසන් කටයුත්ත වෙලා තියෙන්නේ. ඉතිං එතනට යනකම් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා පස්සේ සියල්ල සමථයකට පත් කර ගන්න පුලුවන්” යැයි උප ලේකම්වරයා සදහන් කර සිටියේය.

විනය පරීක්ෂණය

“අපි සියලු දෙනාම කතා කරලා තීරණයකට ආවේ එතුමා නීත්‍යානුකූලව එහෙදි ලැබිලා තියෙන දේට අමතරව ලංකාවට ආවට පස්සේ අපේ නීති පද්ධතිය එතුමා කොහොමද කඩ කරලා තියෙන්නේ කියලා බනවා. ඒ ගැන අපි වෙනම පරීක්ෂණයක් පවත්වනවා. එතැන තියෙන අපේ නීති රාමුව තුළ එතුමා වැරදිකාරයෙක් වුණොත් ඔහුට විරුද්ධව යම් දඩුවමක් ලබා දෙන්න කටයුතු කරනවා” යැයි උප ලේකම්වරයා  සඳහන් කර සිටියේය.

කණ්ඩායම් කළමනාකරු

“අපි තවම ඒ ගැන තීරණයක් අරගෙන නෑ. දැනටමත් මේ වෙනුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරලා තියෙන්නේ. විමර්ශනය කරන්න. ඔවුන්ගේ වාර්තාව ලැබුණට පස්සෙ අපිට අවශ්‍ය තීරණ තීන්දු ගන්න පුලුවන්” යැයි ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar