slc
Home   |    News
දෙසැම්බර් 14, 2022
කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවය පෙන්වති

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අද (14 දා) රාත්‍රියේ සමත්වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 194 ක දැවැන්ත ඉලක්යක් හඹා ගිය කලම්බු ක්‍රීඩකයෝ ජයග්‍රහණය අවසන් පන්දුවේදී සපුරා ගත්හ. අවසන් පන්දු 18 දී ජයග්‍රහණය සඳහා ලකුණු 40 ක් ලබාගැනීමේ අභියෝගයේදී වැඩි මෙහෙවරක් රවී බොපාරා විසින් සිදුකළේය.

පන්දුවෙන් පන්දුව හෘධ ස්පන්ධනය වැඩි කරන ලද මෙම තරගයේදී කඩුලු 8 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දී ඉලක්කය සපුරා ගන්නා විටත් අවසන් පන්දුවාර කීපයේදී වේගවත් පිතිහරඹයක නියැළුණු රවී බොපරා පන්දු 12 කදී ලකුණු 31 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු බොපරාගේ වටිනා ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබුවේය.

නුවන් තුෂාර විසින් යවන ලද 18 වැනි පන්දුවාරයේදී ලද ලකුණු 10 නිසා අවසන් පන්දු 12 දී අභියෝගය ලකුණු 30 ක් දක්වා අඩුවිණ. කෙසේ වෙත් වහාබ් රියාස් යවන ලද 19 වැනි පන්දුවාරය තනිකරම කලම්බු ස්ටාර්ස් වාසියට හිටියේය. එම පන්දුවාරයේදී පිරිනැමුණු වයිඩ් පන්දු 2 ද සමඟ ලකුණු  4-4-4-1-1-6 වශයෙන් ලකුණු ලබා ගැනීම නිසා සමස්ථ වාසියම කලම්බු පිල වෙත දෝලනය විය. එම ලකුණු වලින් එක් ලකුණක් පමණක් ප්‍රසන්න ලබා ගනිද්දී ඉතිරි 19 ම බොපාරාගේ පිත්තෙන් වාර්තා විය.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට තිබියදී ලකුණු සංඛ්‍යාව 03 දී නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත්ව ගියත් පිතිකරණ අනුපීළිවෙළ වෙනස් කරමින් ආරම්භක පිතිකරු ලෙස පැමිණි දිනේෂ් චන්දිමාල් සහ අංක 3 ස්ථානයෙන් පැමිණි චරිත් අසලංකත් එකතුව දෙවැනි කඩුල්ලට පන්දු 58 කදී ලකුණු 92 ක් එක් කළහ. මෙම ජග්‍රහණයේ කොඳු නාරටිය බඳු එම සම්බන්ධතාවයේදී චන්දිමාල් පන්දු 25 කදී අර්ධ ශතකය පසුකර ගියේය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කරගත් පරිණත පිතිකරුවා මුහුණ දුන් 33 වැනි පන්දුවේ දැවී යන විට වටිනා ලකුණු 63 ක් ලබා සිටියේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් චරිත් අසලංක අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක්ද සමඟ පන්දු 38 කදී ලකුණු 46 ක් ලබා ගත් චරිත් ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී අන්වර් අලීගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ගෝල් ග්ලැඩියේටර් ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණීම, ඉතාම අපූරු ඉනිමක් ගොඩ නැගීමට ප්‍රධාන හේතු කාරණා වූ‌වේය. තමන්ගේ සීමාවන්ගෙන් සිය උපරිම ප්‍රයෝජන ගත් කුසල් මෙන්ඩිස් සහ ආධුනික පිතිකරු තනුක දාබරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 51 ක් එක් කරමින් පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට තිබූ පීඩනය අඩු ක‌ළහ.

එම සම්බන්ධතාවයේදී සිය නායකයාට පිටියේ ස්ථාවර වීමට වැඩි ඉඩ කඩක් ලබා දුන් තනුක දාබරේ වේගයෙන් ලකුණු ලබා ගැනීමේ නිරත වූවේය. 7 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී දාබරේ ලකුණු 33 කට දැවී යන විටත් කුසල් ලබා සිටියේ පන්දු 17 කදී ලකුනු 16 කි. බොහෝ දෙනාගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටින වමත් පිතකිරු දාබරේ එම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් පන්දු 22 කට මුහුණ දුන්නේ ඉන් එක් හතරේ සීමාවට ඉහළින්ද හතරක් හතරේ සීමාව පසුකරවීමට සලස්වමිනි.

දාබරේගේ දැවී යෑමෙන් අනතුරුව ළහිරු උදාර සමඟ අත්වැල් බැඳගත් කුසල් මැද පෙළ පිතිකරුවන්ට බරක් නොවන සේ ‌දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක පදනමක් එක් කළහ. ඉනිමේ හොඳම කොටස එළැඹියේ අසාද් ශෆීක් පිටියට පැමිණීමත් සමඟය. ඉෆ්තිකාර් අහමඩ් වෙනුවට කණ්ඩායමට පැමිණි ශෆීක් පන්දු 33 කදී ලකුණු 58 ක් රැස් කරන ලද්දේ සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක්ම ඇතුළත් කරමිනි. ඉනිම ආරම්භයේ සිටම තම අන්තය ආරක්ෂා කරගත් කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශෆීක් සමඟ ගොඩනංවන ලද සම්බන්ධතාව පන්දු 47 කදී ලකුණු 88 කි. නවීන් උල්හක්ගේ පන්දුවක් හමුවේ අවසන් පන්දුවාරයේදී කුසල් දැවී යන විටත් පන්දු 49 කදී ලකුණු 72 ක් ලබා සිටියේය. එම ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් එල්ල කර තිබුණි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest