slc
Home   |    News
දෙසැම්බර් 8, 2022
දඔුල්ල අවුරා – කලම්බු ස්ටාර්ස් පළමු ජය සොයති

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් හා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් සහභාගී වූ තරග දෙකෙන්ම ජය ලබා අපරාජිතව ඉදිරියට යද්දී ජයග්‍රහණයක් සොයා යන දසුන් ශානකගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන දඔුල්ල අවුරා පිල හා ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ කලම්බු ස්ටාර්ස් අද (8) පස්වරු 3ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ සටන් වදිති.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරග කාල සටහන අනුව හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගය දඔුල්ල අවුරා හා කලම්බු ස්ටාර්ස් වන අතර මීළග තරග කිහිපය අනිද්දා (10) සිට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙතෙක් පැවැති තරගවලදී වත්මන් එල්පීඑල් ශූර ජැෆ්නා කිංග්ස් පිල විසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 24කින් පරාජය කළ අතර, දඔුල්ල අවුරා පිල කඩුලු 9කින් පරාජය කළේය. එමෙන්ම  කැන්ඩි ෆැල්කන්ස් පිල විසින් කලම්බු ස්ටාර්ස් ලකුණු 109කින් පරාජය කළ අතර දෙවැනි තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කඩුලු 5කින් පරාජයට පත් කළේය.

දඔුල්ල අවුරා පිල හා කලම්බු ස්ටාර්ස් මෙතෙක් සහභාගී වූ තරග දෙකේදීම කාසියේ වාසිය දිනාගත්තද පිතිකරුවන්ගේ දුර්වලතා කැපී පෙණුනි. දඔුල්ල අවුරා පිල ජැෆ්නා කිංග්ස්ට එරෙහි තරගයේදී මුලින් පන්දුවට පහරදී ලකුණු 121කට සීමා වූ අතර, කලම්බු ස්ටාර්ස් කැන්ඩි ෆැල්කන්ස්ට එරෙහි තරගයේදී දෙවනුව පන්දුවට පහරදී ඕවර් 14.3කදී ලකුණු 90කට දැවී ගියේය. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකම අද තරගයේදී පිතිකරණ අංශය දියුණු මට්ටමකට වර්ධනය කර ගැනීමේ උත්සහයක නිරත වනු ඇත.

දඔුල්ල අවුරා පිල හා කලම්බු ස්ටාර්ස් එල්පීඑල් තරග ඉතිහාසයේ අවස්ථා 4කදී මුණ ගැසී ඇති අතර එහිදී තරග 3ක ජය දඹුල්ල අවුරා පිල වාර්තා කළ අතර කළමුබු ස්ටාර්ස් එක් තරගයක ජය වාර්තා කළේය. වසර 2020දී හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති එල්පීඑල් තරගාවලියේදී පළමු තරගයෙන් දඹුල්ල පිල ලකුණු 28ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ත.රගයේදී කළම්බු ස්ටාර්ස් පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක ජයක් වාර්තා කළේය.

එහෙත් 2021 එල්පීඑල් තරගාවලියේදී සම්පූර්ණ ආධිපත්‍ය දඔුල්ල අවුරා පිල පතුරවමින් කළම්බු ස්ටාර්ස්ට එරෙහි තරග දෙකේම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. හරියටම මෙයට වසරකට පෙර 2021 දෙසැම්බර් 8දා පැවැති දඔුල්ල හා කලම්බු අතර තරගයේදී දඔුල්ල ලකුණු 21ක ජයක් වාර්තා කළ අතර, 2021 සෙැම්බර් 11දා පැවැති දෙවැනි තරගයේදී එල්පීඑල් තරග ඉතිහාසයේ තියුණුම ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 1කින් කළම්බු පිල පරාජය කිරීමට දඔුල්ලට හැකියාව උදා විය. එම තරගයේ චාමික කරුණාරත්න යැවූ අවසන් ඕවරයේදී තරගයෙන් ජය ගැනීමට ලකුණු 13ක් ලබාගත යුතුව තිබුණද, එක් අන්තයක නොදැවී ලකුණු 65ක් ලබා දිනේෂ් චන්දිමාල් සිටිද්දී වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 11ක් පමණි. අවසන් පන්දුව දක්වා තිගැස්මක් තිබූ එම තරගයේ වීරයා බවට පත්වෙමින් කළම්බු පිල අමාරුවේ දැමූ පන්දු යවන්නා වූ තරිදු රත්නායක ලකුණු 18ට කඩුලු 3ක් හා දකුණු අප්‍රිකා තරුව ඉම්රාන් තාහීර් කඩුලු 2ක් දවා ගත්හ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් (122) හිමිකරගෙන සිටින අතර එම කණ්ඩායමේ ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක (93) දෙවැනි තැන හා ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ කුසල් මෙන්ඩිස් (65) තෙවැනි තැන සිටිති.

කැන්ඩි ෆැල්කන්ස් පිලේ කාලෝස් බැරත්වයිට්, වනිදු හසරංග හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් කඩුලු 5 බැගින් දවා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest